මැදපෙරදිග ගැටුම් වැළැක්වීමට සක්‍රිය කාර්යභාරයක් ඉටු කරන්නැයි චීනයෙන් ආරක්ෂක මණ්ඩලයට ඉල්ලීමක්

මැදපෙරදිග තත්ත්වය ලිහිල් කර සංවාද හා සාකච්ඡා යළි ඇරඹීම සඳහා ආරක්ෂක මණ්ඩලය සක්‍රිය කාර්යභාරයක් ඉටු කළ යුතු බව චීනය පවසයි.

එක්සත් ජාතීන්ගේ චීන ස්ථාවර නියෝජිත Fu Cong මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (02) එක්සත් ජාතීන්ගේ සංවිධානය හා ගල්ෆ් රටවල සහයෝගිතා කවුන්සිලය සම්බන්ධීකරණය පවත්වා ගැනීම පිළිබඳ විවෘත රැස්වීමට එක් වෙමිනි. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ජාත්‍යන්තර සාමය හා ආරක්ෂාව සහතික කිරීමේ ප්‍රධාන වගකීම භාර ගන්නා බව හෙතෙම සඳහන් කළේය. ආරක්ෂක මණ්ඩලය විචක්ෂණශීලීව ක්‍රියා කළ යුතු අතර මැදපෙරදිග තත්ත්වය ලිහිල් කිරීම සහ සංවාද හා සාකච්ඡා යළි ආරම්භ කිරීම සඳහා සක්‍රිය කාර්යභාරයක් ඉටු කළ යුතු බවද හෙතෙම පැවසීය.

එමෙන්ම කලාපීය ගැටුම් මූලාශ්‍රය පිළිබඳ ප්‍රශ්නය විසඳීමේදී ගල්ෆ් රටවල සහයෝගිතා කවුන්සිලයට සුවිශේෂ ආවේණික හැකියාවක් පවතී. ආරක්ෂක මණ්ඩලය එම කවුන්සිලය සමග සබඳතා ශක්තිමත් කරමින් ගැටුම් සාමකාමීව විසඳීම සඳහා දේශපාලන විසඳුම් සපයමින් ගැටුම් වැළැක්වීම, රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධීකරණය, පශ්චාත් ගැටුම් වැළැක්වීම යන ප්‍රධාන ක්ෂේත්‍රවල කටයුතු තහවුරු කළ යුතු බවද Fu Cong මහතා අවධාරණය කළේය.