ASEAN සංගමයේ සාමාජික රටවල් සමඟ චීනය, ජපානය හා දකුණු කොරියාව ද එක්ව සිටින ASEAN+3 කලාපයට අයත් නිෂ්පාදන ජාලයේ ප්‍රාථමික මධ්‍යස්ථානයක් බවට චීනය පත්ව ඇති බව සිංගප්පූරුව පදනම් කරගත් ASEAN+3 සාර්ව ආර්ථික පර්යේෂණ කාර්යාලය පවසයි.
2026 වසර සඳහා වන ASEAN+3 කලාපීය ආර්ථික දැක්ම ඉදිරිපත් කරමින් එම කාර්යාලය ඊයේ (06) අවධාරණය කර සිටියේ, ගෙවුණු දශක දෙකක කාලය තුළ කලාපයේ පැවති ඔරොත්තු දීමේ හැකියාව පසුපස මූලික ව්‍යුහාත්මක වෙනසක් දක්නට ලැබුණු බවයි.
චීනයේ පුළුල් වන නිෂ්පාදන ධාරිතාව, සැපයුම් යටිතල පහසුකම් සහ අතරමැදි භාණ්ඩ වෙළඳාමේ කේන්ද්‍රීය ස්ථානය එහිදී සුවිශේෂී සහායක් වූ බව ASEAN+3 සාර්ව ආර්ථික පර්යේෂණ කාර්යාලය පෙන්වා දී ඇත. එමෙන්ම චීනයේ එම සැපයුම් සම්බන්ධතා එක් දිශානතියක් ඔස්සේ සිදුකෙරෙන යැපීම වෙනුවට අන්තර් රඳා පැවැත්ම පිළිබිඹු කරන්නක් බව ද එම කාර්යාලයේ 2026 වසර සඳහා වන වාර්තාව පවසයි.
තවද පවතින ඉල්ලුමට අනුව ඇමරිකාව ද ඉක්මවා යමින් ASEAN+3 කලාපය එහි ප්‍රධාන මූලාශ්‍රයක් ලෙස මතුව ඇති බවත්, දශක දෙකකට පෙර පැවති තත්වයට සාපේක්ෂව මෙම අන්තර් කලාපීය ඉල්ලුම බෙහෙවින් වැදගත් වන බවත් එම වාර්තාවේ වැඩිදුරටත් දැක්වේ.
මේ අතර මෙම අවස්ථාවට එක්වෙමින් ASEAN+3 සාර්ව ආර්ථික පර්යේෂණ කාර්යාලයේ ප්‍රධාන ආර්ථික විශේෂඥ He Dong මහතා සඳහන් කළේ, සැපයුම් දාම සඳහා වන ඔරොත්තු දීමේ හැකියාව, දේශීය අගය එකතු කළ අන්තර්ගතය වැඩි කිරීම හා සම්බන්ධ ආර්ථිකයන් සඳහා වැදගත් වන බවයි.
ඒ අනුව දේශීය ධාරිතාව වැඩි දියුණු කිරීමෙන් ASEAN කලාපයේ සමාගම්වලට ප්‍රතිලාභ ලැබිය හැකි බවත්, දේශීය නිෂ්පාදන සඳහා එකතු කළ අගය වැඩි කිරීමෙන්, කලාපීය සමාගම් වැඩි අවස්ථා ලබා ගැනීමත් සමඟ සැපයුම් දාම බාහිර කම්පන සඳහා වඩාත් ඔරොත්තු දෙන බවත් හෙතෙම එහිදී වැඩිදුරටත් පැවසීය.