චීන වෙළඳපොළ ලෝකයට විවෘතව පවතින අතර චීනය ඕස්ට්‍රේලියාවෙන් තවදුරටත් උසස් තත්ත්වයේ නිෂ්පාදන ආනයනය කිරීමට කැමැත්තෙන් සිටින බව චීන අගමැති ලී ච්‍යං මහතා පවසයි.
ඕස්ට්‍රේලියානු අගමැති Anthony Albanese මහතා සමග දුරකථන සංවාදයකට එක්වෙමින් හෙතෙම ඊයේ(7) මේ බව පැවසීය. වෙළඳපොළ මූලධර්ම මත පදනම් වූ සහයෝගිතා පවත්වා ගැනීමේදී ද්විපාර්ශ්වික වෙළඳාම පුළුල් කිරීම සඳහා දෙරට ව්‍යවසායන්ට සහාය වීමට සහ අන්‍යෝන්‍ය ප්රතිලාභ මෙන්ම ජයග්‍රාහී ප්‍රතිඵල සංවර්ධනය කිරීමට චීනය ඕස්ට්‍රේලියාව සමග කටයුතු කිරීමට සූදානම්ය.
ඉහළ මට්ටමේ හුවමාරු පවත්වා දෙරටට සහ කලාපයට මෙන්ම ලෝකයට වැඩි ස්ථාවරත්වයක් එක් කිරීමට, චීන ජනාධිපති ෂී ජින්පිං මහතා සහ ඕස්ට්‍රේලියානු අගමැති Anthony Albanese මහතා විසින් පසුගිය වසරේ ඇතිකර ගත් වැදගත් එකඟතාවන් අනුගමනය කිරීමේ අවශ්‍යතාව චීන අගමැතිවරයා පෙන්වා දුන්නේය.
චීන-ඕස්ට්‍රේලියානු හරිත සහයෝගීතාවයට විශාල විභවයක් පවතී. පිරිසිදු බලශක්තිය, විදුලි වාහන, බලශක්ති ගබඩා කිරීම සහ කාබන් අවම කිරීම වැනි ක්ෂේත්රවල සහයෝගීතාව ගැඹුරු කිරීමටත් හරිත ආර්ථිකයේ සංවර්ධනය සඳහා ඒකාබද්ධව ශක්තිමත් ගම්යතාවයක් ගොඩනඟා ගැනීමටත් චීනය කැමැත්තෙන් සිටින බව ඔහු පැවසීය.
ඕස්ට්‍රේලියානු අගමැතිවරයා පැවසුවේ තම රට හැමවිටම චීනය සමග ස්ථාවර, පරිණත සහ ඵලදායී සම්බන්ධතාවයක් වර්ධනය කිරීමට කැප වී සිටින බවයි. වත්මන් ජාත්‍යන්තර තත්ත්වය හමුවේ දෙරට සබඳතාවය ඉතාම වැදගත්ය.
ඕස්ට්‍රේලියාව දිගු කාලක සිට එකම චීනය ප්‍රතිපත්තියට අනුගතව සිටී. චීනය සමග වෙළඳපොළ ඇතුළු ක්ෂේත්රයන්හි ඉහළ මට්ටමේ හුවමාරු පුළුල් කරමින් අන්‍යෝන්‍ය ගෞරවයෙන් වෙනස්කම් නිසිලෙස කළමනාකරණය කිරීමටත් ඕස්ට්‍රේලියානු-චීන පුළුල් උපායමාර්ගික හවුල්කාරිත්වය ඉදිරියට ගෙන යාමටත් කැමැත්තෙන් සිටින බව ද Anthony Albanese මහතා පැවසීය.
2026 APEC ආර්ථික නායකයින්ගේ රැස්වීමට සහභාගී වීම සඳහා තමා චීනයට පැමිණීමට බලාපොරොත්තු වන අතර ගෝලීය අභියෝගවලට මුහුණ දීම සහ ලෝක සාමය, ස්ථාවරත්වය සහ සංවර්ධනය ප්‍රවර්ධනය කරමින් චීනය සමග බහුපාර්ශ්වික සන්නිවේදනය සහ සම්බන්ධීකරණය වැඩි දියුණු කිරීමට ඕස්ට්‍රේලියාව කැමැත්තෙන් සිටින බව ඔහු වැඩිදුරටත් පැවසීය.