2025 වසරේ චීනයේ අධි තාක්ෂණික කර්මාන්ත පර්යේෂණ කලාපයන්හි සමස්ත නිමැවුම් වටිනාකම ට්‍රිලියන යුවාන් 20.4කට ළඟා වී, රටේ සමස්ත දළ දේශීය නිෂ්පාදිත වටිනාකමෙන් 14.5%ක අගයක් ගෙන තිබේ. චීනයේ කර්මාන්ත හා තොරතුරු තාක්ෂණ පිළිබඳ අමාත්‍යාංශයට අනුව ඒවායේ එකතු කළ කර්මාන්ත වටිනාකම යුවාන් ට්‍රිලියනය ඉක්මවා ගොස් ඇති අතර, භාණ්ඩ හා සේවා වෙළඳාමේ ආනයන හා අපනයන වටිනාකම යුවාන් ට්‍රිලියන 9.8කට ළඟා වී ඇත.
මේ වන විට, චීනය තුළ ක්‍රියාත්මක ජාතික මට්ටමේ අධි තාක්ෂණික කර්මාන්ත පර්යේෂණ කලාප සංඛ්‍යාව 179කි. මෙමගින්, විද්‍යා හා තාක්ෂණ නව්‍යකරණ හා කර්මාන්තයන්හි නවෝත්පාදන අතර පුළුල් ඒකාබද්ධ කිරීම් හා ඒවායේ වර්ධනය තහවුරු වී තිබීම විශේෂත්වයකි.