කෘත්‍රිම බුද්ධිය සම්බන්ධයෙන් අන්තර් රජයේ සංවාදය පැවැත්වීමට චීනය හා ඇමරිකාව එකඟ වී ඇති බව චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක Guo Jiakun මහතා අද(19) පැවති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය.
මාධ්‍ය වාර්තාවකට අනුව, ඉකුත් සතියේ පැවැත්වූ චීන-ඇමරිකා ජනපති හමුවීමේදී දෙරටේ නායකයන් කෘත්‍රිම බුද්ධි අධීක්ෂණ කටයුතු කෙරෙහි අදහස් හුවමාරු කර ගනිමින් සංවාද හා සහයෝගිතා පැවැත්වීමට එකඟ වී තිබේ.
මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් Guo Jiakun මහතා ප්‍රකාශ කළේ චීනය හා ඇමරිකාව කෘත්‍රිම බුද්ධි තාක්ෂණය පිළිබඳ විශාල රටවල් දෙකක් බවයි. කෘත්‍රිම බුද්ධි සංවර්ධනය හා පරිපාලනය ප්‍රවර්ධනය කරමින් එය මානවයන්ගේ ශිෂ්ඨාචාරය දියුණු කිරීම හා ජගත් ප්‍රජාවේ පොදු ජයග්‍රහණ වෙනුවෙන් වඩාත් යහපත් ලෙස සේවය කිරීම සඳහා චීනය හා ඇමරිකාව එක්ව කටයුතු කළ යුතු බව හෙතෙම පැවසීය. කෘත්‍රිම බුද්ධිය කෙරෙහි ඵලදායි අදහස් හුවමාරු කළ චීන-ඇමරිකා ජනපති දෙපළ කෘත්‍රිම බුද්ධිය පිළිබඳ අන්තර් රජයේ සංවාදය පැවැත්වීමට එකඟ වූ බවද Guo Jiakun මහතා සඳහන් කළේය.