2026 APEC දෙවන ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ රැස්වීම ඊයේ (18) සහ අද (19) යන දෙදින තුළ චීනයේ ශැංහයිහිදී පැවැත්විණ. චීන උප විදේශ අමාත්‍ය Ma Zhaoxu මහතා එහි සමාරම්භක උත්සවයට එක්වෙමින් දේශනයක් පැවැත්වීය.
Ma Zhaoxu මහතා එහිදී පෙන්වා දුන්නේ, චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ උපදෙස්වලට අනුව, චීනය සියලු පාර්ශ්වයන් සමඟ පොදු ඉරණමක් සහිත ආසියා-පැසිෆික් ප්‍රජාවක් ගොඩනැගීමෙන්, ආසියා-පැසිෆික් මෙන්ම ලෝකයේ සාමය හා සංවර්ධනය සඳහා නව ජවයක් ලබා දෙන බවයි. මෙය APEC “චීන වර්ෂය” තුළ සහයෝගීතාවයට මග පෙන්වන්නක් බව Ma Zhaoxu මහතා පැවසීය.
“පොදු ඉරණමක් සහිත ආසියා-පැසිෆික් ප්‍රජාවක් ගොඩනැගීමෙන් පොදු සමෘද්ධිය එක්ව ප්‍රවර්ධනය කිරීම” යන මැයෙන් පැවැත්වෙන මෙම වසරේ APEC රැස්වීමේ තේමාව කෙරෙහි චීනය විශේෂ අවධානයක් යොමු කර ඇත. එහිදී වෙළඳාම, සම්බන්ධතාවය, නවෝත්පාදනය සහ සංවර්ධනය යන ප්‍රධාන අංශ හතර ඉස්මතු වන සේ මෙම නායකයින්ගේ රැස්වීමේ ප්‍රතිඵල, “APEC නායකයින්ගේ Shenzhen ප්රකාශනය” වේදිකාවක් ලෙස භාවිත තරමින් ඉදිරිපත් කිරීමට සූදානම් වන බව Ma Zhaoxu මහතා එහිදී සඳහන් කළේය.
මෙම වසරේ විවිධ ක්ෂේත්රයන් තුළ APEC සහයෝගීතාවයෙන් ලද ප්‍රගතිය, පැමිණ සිටි සැමගේ ඉහළ ප්‍රශංසාවට ද ලක් විය. චීනයේ ප්‍රමූඛත්වයෙන් මෙම වසරේ APEC රැස්වීම පැවැත්වීමට හැකි වීම සම්බන්ධයෙන් ඔවුන් සිය ප්‍රශංසා පළ කළ අතර, APEC “චීන වර්ෂය” සඳහා ඵලදායී ප්‍රතිඵල සහතික කිරීම සඳහා එක්ව කටයුතු කිරීමට කැමැත්තෙන් සිටින බවත් ඔවුහු ප්‍රකාශ කළහ.
2026 වසරේ APEC නායකයින්ගේ සමුළුව ලබන නොවැම්බර් මස 18 වන දින චීනයේ Guangdong පළාතේ Shenzhen හිදී පැවැත්වීමට නියමිතව ඇත.