නිවැරදි දිශාව කරා යමින් කාලානුරූපීව නව මාර්ග ගවේෂණය කිරීමේ වැදගත්කම චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අවධාරණය කරයි. “නිවැරදි දිශාව හා කාලානුරූපීව නව මාර්ග ගවේෂණය කිරීමේ එල්බ සිටින්නෙමු”යන මැයෙන් චීන ජනාධිපතිවරයාගේ ලිපියක් හෙට (1) Qiushi සඟරාවේ පළ කෙරේ.
නිවැරදි දිශාව කරා යමින් කාලානුරූපීව නව මාර්ග ගවේෂණය කිරීම, නව යුගයේ පාලක චීන කොමියුනිස්ට් පක්ෂය සඳහා වන වැදගත් චින්තනික උපදේශනයක් බව එම ලිපියේ සඳහන් වෙයි. චීන කොමියුනිස්ට් පක්ෂයේ 18වැනි ජාතික කොංග්‍රසයේ සිට මේ දක්වා පක්ෂයේ ගමන් මග වෙනසකට ලක් නොකර යුගයේ අවශ්‍යතාවන්ට අනුකූලව න්‍යායිකව මෙන්ම ක්‍රියාවෙන් ද පක්ෂයේ හා රටේ සංවර්ධනය ඉදිරියට ගෙන යාමට හැකි වී තිබේ. චීන මාදිලියේ නවීකරණය සාර්ථක ව ඉදිරියට ගෙන යාමට හැකිවීම පක්ෂය ලද ජයග්‍රහණයකි. ඉදිරියේදී යුගයට සරිලන අයුරින් විවිධ ක්ෂේත්රවල නවෝත්පාදනය වඩ වඩාත් පුළුල් කළ යුතු බව ද චීන ජනාධිපතිවරයා සිය ලිපියෙන් පෙන්වා දී ඇත.