පේරු හි Chancay වරාය පර්යන්තය විවෘත කිරීමේ උත්සවයට චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සහ පේරු රාජ්‍යයේ ජනාධිපතිනි Dina Boluarte මහත්මිය වීඩියෝ ආකාරයෙන් එක් වෙති.
පේරු වේලාවෙන් 14 වැනිදා රාත්‍රියේ නායක දෙපළ ලීමා අගනුවරදී එම උත්සවයට එක් වෙමින් Chancay වරාය විවෘත කරන බව ප්‍රකාශ කළහ.
Chancay වරාය සාර්ථකව විවෘත කිරීම පිළිබඳව ෂී ජින් පිං මහතා එහිදී සුබපැතුම් යොමු කළේය. ගැඹුරු ජල වරායක් වන Chancay වරාය දකුණු ඇමරිකාවේ පළමු ස්මාර්ට් සහ හරිත වරාය වන අතර, එය පේරු රාජ්‍යයට විශාල ප්‍රතිලාභ මෙන්ම රැකියා අවස්ථා විශාල සංඛ්‍යාවක් නිර්මාණය කරනු ඇතැයි ෂී ජින් පිං මහතා පැවසීය.
ගොඩබිම සහ මුහුද සම්බන්ධ කිරීමේ දී හා ආසියාව සහ ලතින් ඇමරිකාව සම්බන්ධ කිරීමේදීත් පේරු රාජ්‍යයේ පිහිටීමේ වාසි ඉන් තහවුරු කෙරෙන බව ද ඔහු පෙන්වා දුන්නේය.
පේරු හි Chancay සිට චීනයේ Shanghai දක්වා මාර්ගය සාක්ෂාත් කෙරෙන්නේ, “එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙළට අනුව යමින් දෙරට අතර සහයෝගීත්වයෙන් සිදුවුණු සංවර්ධනයේ සංකේතයක් සහ නව යුගයේ ආසියා-ලතින් ඇමරිකා ගොඩබිමත් මුහුදත් යාකෙරෙන කොරිඩෝවක උපත බව ෂී ජින් පිං මහතා පැවසීය.
Chancay වරායේ ගොඩනැගීම, කළමනාකරණය, ප්‍රවාහන ධාරිතාව මෙන්ම විස්තීරණ සේවා මට්ටම වැඩිදියුණු කිරීමට දෙරට එක්ව කටයුතු කළ යුතු බව ෂී ජින් පිං මහතා අවධාරණය කළේය. එක්ව සාකච්ඡා කිරීම, ඉදිකිරීම සහ ප්‍රතිලාභ බෙදා ගැනීම අනුගමනය කරමින්, දෙරට ඇතුළු පැසිෆික් වෙරළ ආර්ථිකයන්හි පොදු සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමට අපේක්ෂා කෙරේ.
එම වරාය සැබැවින්ම පේරු සහ ලතින් ඇමරිකානු හා කැරිබියන් රටවලට සමෘද්ධි මාර්ගයක් බවට පත්වනු ඇතැයි බලාපොරොත්තු වේ. එමෙන්ම එම වරාය හරහා, වඩා පුළුල් ලෙස පොදු ප්‍රතිලාභ අත්කර ගනිමින් විවිධ රටවල ජනතාවට වඩා ප්‍රත්‍යක්ෂ වාසි සහ තෘප්තිය ගෙන දෙනු ඇතැයි ෂී ජින් පිං ජනාධිපතිවරයා සිය අපේක්ෂාව පළ කර ඇත.