චීන මාධ්‍ය සමූහය විසින් පවත්වනු ලබන “CMG ලෝක රොබෝ තරඟ මාලාවේ සටන් තරඟය” පසුගිය 25වැනිදා Hangzhou නගරයේදී අවසන් විය.
මෙය මානවරූපී රොබෝවරුන් සහභාගී වන ලොව ප්‍රථම සටන් තරඟය වන අතර, එය ගෝලීය ප්‍රේක්ෂකයින් සඳහා නිර්මාණය කරන ලද විද්‍යා ප්‍රදර්ශන තරඟයක් ද වේ. මෙම තරඟය චීන මාධ්‍ය සමූහයේ දේශීය හා විදේශීය වේදිකා හරහා සජීවීව විකාශනය කෙරෙන අතර,එය ගෝලීය ප්‍රේක්ෂකයින්ට තාක්ෂණය ඔවුන්ගේ ජීවිතවලට ගෙනැවිත් ඇති වෙනස්කම් සමීපව අත්විඳීමට ඉඩ සලසයි.

මෙම තරඟය මැයි මාසයේ පළමුවැනිදා ආරම්භ විය. එය මහජනතාවට රොබෝ තාක්ෂණය පිළිබඳ අවබෝධ කර ගැනීම සඳහා වැදගත් ප්‍රවේශයක් විවෘත කර ඇති අතර චීනයේ රොබෝ කර්මාන්තය සංවර්ධනයේ නව අවධියකට යොමු කර ඇත.