Fentanyl මත තීරුබදු පැනවීම සම්බන්ධයෙන් චීනය ක්‍රියාත්මක කරන ප්‍රති පියවර තවදුරටත් වලංගුයි

ඇමරිකාව Fentanyl යන ඖෂධය මත තීරුබදු පැනවීම සම්බන්ධයෙන් චීනය ක්‍රියාත්මක කරන ප්‍රති පියවර තවදුරටත් වලංගු වන බව චීනය පවසයි.

චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක Lin Jian මහතා අද(14) පැවති මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළේය.    

පසුගිය දා චීනය හා ඇමරිකාව ජිනීවා ආර්ථික හා වෙළඳ සාකච්ඡාවේදී සක්‍රිය එකඟතාවන් රැසකට එළඹි අතර ද්වීපාර්ශ්වික තීරුබදු මට්ටම විශාල වශයෙන් අඩු කිරීමට එහිදී එකඟ වී තිබේ.ඇමරිකාව ප්‍රබල වේදනා නාශක ඖෂධයක් වන Fentanyl මත චීනයට එරෙහිව අයුතු ලෙස තීරුබදු දෙ වතාවක් පනවා ඇත.මේ සම්බන්ධයෙන්, චීනය කඩිනමින් තීරුබදු හා තීරුබදු නොවන ප්‍රති පියවර යොදා ගත් අතර සිය නිසි අයිතිවාසිකම් ස්ථිර ලෙස සුරක්ෂිත කරන බවද හෙතෙම සඳහන් කළේය. අදාළ ප්‍රති පියවර තවදුරටත් වලංගු බවද චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශකයා අවධාරණය කළේය.