Hainan නිදහස් වෙළඳ වරාය ආශ්‍රිතව විශේෂ රේගු මෙහෙයුම් ක්‍රියාවට නැංවීම ඉහළ පැසසුමට

දකුණු චීනයේ Hainan නිදහස් වෙළඳ වරාය ආශ්‍රිතව විශේෂ රේගු මෙහෙයුම් ආරම්භ කර ඉකුත් 27 වන දිනට, දින 100ක් සපුරන අතර එම කාලය තුළ එහි සේවාවන් විවිධ පාර්ශ්වයන්ගේ ඉහළ පැසසුමට ලක් ව ඇතැයි චීන විදේශ අමාතයාංශය පවසයි.

එහි ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද(30) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී මේ බව පැවසුවාය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇය කියා සිටියේ, ශුන්‍ය තීරුබදු, අඩු මට්ටමේ තීරුබදු ඇතුළු සාධනීය ප්‍රතිපත්තීන් ක්‍රියාවට නැංවීමත් සමග, Hainan හි ජනතා සංක්‍රමණය, භාණ්ඩ ගනුදෙනු හා එහි ක්‍රියාත්මක ව්‍යවසායයන්හි සංඛ්‍යාව සැලකිය යුතු අයුරින් වර්ධනය වී ඇති බවය. Hainan නිදහස් වෙළඳ වරාය, ගෝලීය සහයෝගීතාවයටත් නව්‍යකරණයටත් පරිපූර්ණ වේදිකාවක් බවට පත් ව ඇතැයි ද ඇය එහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නාය.