Hu Yaobang මහතාගේ 110වැනි ජන්ම දින අනුස්මරණය වෙනුවෙන් චීන ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්

Hu Yaobang මහතාගේ 110වැනි ජන්ම දින අනුස්මරණය වෙනුවෙන් චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව විශේෂ සාකච්ඡාවක් පවත්වයි.

එය අද(20) පෙරවරුවේ බෙයිජිංහි මහජන මහා ශාලාවේ දී පැවැත්විණ. චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති සහ මධ්‍යම යුද කමිටුවේ සභාපති ෂී ජින් පිං මහතා එම සාකච්ඡාවට ‍එක් වෙමින් වැදගත් දේශනයක් පැවැත්වීය.

ෂී ජින් පිං මහතා එහිදී අවධාරණය කළේ, Hu Yaobang මහතාගේ උතුම් ජීවගුණය සහ විශිෂ්ට වැඩ විලාසය උනන්දුවෙන් ඉගෙන ගත යුතු බවත් චීන කොමියුනිස්ට් පක්ෂ සාමාජිකයෙකු වශයෙන් තම මුල් අභිලාෂය අමතක නොකර තම මෙහෙවර ස්ථිරව මතකයේ තබා ගත යුතු අතර, රටේ සියලු කටයුතු ඉදිරියට ගෙන යා යුතු බවය.

ෂී ජින් පිං මහතා එහිදී, Hu Yaobang මහතාගේ තේජාන්විත ජීවිතයක් සහ කැපී පෙනෙන දායකත්වයන් සිහිපත් කළේය. දීර්ඝ කාලයක් චීන කොමියුනිස්ට් පක්ෂයේ වැදගත් නායකත්ව තනතුරු හෙබවූ Hu Yaobang මහතා, ජාතික නිදහස සහ විමුක්තිය, සමාජවාදී විප්ලවය සහ ගොඩනැගීම, ප්‍රතිසංස්කරණ හා විවෘතභාවය සහ සමාජවාදී නවීකරණයේ සංවර්ධනය සඳහා අමරණීය දායකත්වයක් ලබා දුන් බව ෂී ජින් පිං මහතා සඳහන් කළේය. එසේම පක්ෂයේ යහපත් සම්ප්‍රදායන් හා විශිෂ්ට වැඩ විලාසය ඉදිරියට ගෙන යාම සඳහා Hu Yaobang මහතා මනා ආදර්ශයක් සපයා ඇති බව ද චීන ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.