Huangyan දූපත් ජාතික ස්වභාවික රක්ෂිතය පිහිටුවීම චීනයේ ස්වෛරීභාවයට අයත් කරුණක් බව චීනය පවසයි

Huangyan දූපත චීනයට හිමි දේශ භූමියක් බව චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක Lin Jian මහතා පවසයි. හෙතෙම මේ බව ප්‍රකාශ කළේ අද(15) පැවති නිත්‍ය මාධ්‍ය හමුවකදී දකුණු චීන මුහුදේ නවතම තොරතුරු පිළිබඳව නැගුණ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

පසුගිය සතියේ තම ස්ථාවරය පැහැදිලි  කළ චීනය,  ඇමරිකාව සිදු කළ වැරදි ප්‍රකාශයන්ට එරෙහිව දැඩි විරෝධය පළ කර ඇතැයි ද චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක Lin Jian මහතා ප්‍රකාශ කළේය. Huangyan දූපත් ජාතික ස්වභාවික රක්ෂිතය පිහිටුවීම චීනයේ ස්වෛරීභාවයට අයත් වන නීත්‍යනුකූල මෙන්ම යුක්ති සහගත ක්‍රියාවකි. එය ප්‍රශ්න කළ හැකි  කරුණක් නොවන බව ද චීන විදේශ අමාත්‍යංශය අවධාරණය කර සිටී.