චීනයට අයත් Huangyan දූපතෙහි ස්වෛරීභාවය සහ දකුණු චීන මුහුද ආශ්රිත කලාපයේ සාමය හා ස්ථාවරත්වය තවදුරටත් සහතික කිරීම වෙනුවෙන් හමුදා නිරීක්ෂණ මෙහෙයුමක් ක්රියාවට නැංවීම සඳහා චීනය පියවර ගෙන ඇත.
ඒ යටතේ චීන මහජන විමුක්ති හමුදාවේ නාවික හා ගුවන් බලකා භට පිරිස් යොදා ගනිමින් චීනයට අයත් Huangyan දූපත ආශ්රිත මුහුදු හා ගුවන් කලාප ආවරණය කරමින් අද(29) නිරීක්ෂණ මුර සංචාර සිදු කළේය.