Kuala Lumpur හි පැවති චීන-ඇමරිකා වෙළඳ සාකච්ඡා සම්බන්ධයෙන් චීන වාණිජ අමාත්‍යාංශය ඊයේ (30) මාධ්‍ය හමුවක් පැවැත්වීය.
චීන සහ ඇමරිකානු වෙළඳ කණ්ඩායම් සාකච්ඡා හරහා එළඹුණු ප්‍රධාන එකඟතාවයට පහත සඳහන් අංශ ඇතුළත් වේ.
පළමුව, ඇමරිකාව චීනයේ භාණ්ඩ සඳහා (හොංකොං සහ මැකාවෝ විශේෂ පරිපාලන කලාපයන්හි භාණ්ඩ ඇතුළුව) පනවා ඇති 10% ඊනියා “Fentanyl තීරුබදු” ඉවත් කරනු ඇත. එමෙන්ම චීනයේ භාණ්ඩ සඳහා පනවා ඇති 24% ක තීරුබදු (හොංකොං සහ මැකාවෝ විශේෂ පරිපාලන කලාපයන්හි භාණ්ඩ ඇතුළුව) තවත් වසරකට අත්හිටුවනු ලැබේ. ඇමරිකාව විසින් පනවන ලද ඉහත සඳහන් තීරුබදු වලට එරෙහිව චීනය සිය ප්‍රති-පියවර ඒ අනුව සකස් කරනු ඇත.
දෙවනුව, සැප්තැම්බර් මාසයේ 29වැනිදා, ඇමරිකාව නිවේදනය කළේ ඇමරිකාවේ “ආයතන ලැයිස්තුවට” ඇතුළත් කර ඇති සමාගම්වල අනුබද්ධිත සමාගම් තම කොටස් වලින් 50% කට වඩා හිමිකර ගන්නේ නම්, එම සමාගම් ස්වයංක්‍රීයව එම අපනයන පාලනයන්ට යටත් වන බවයි. මෙම පියවර වසරකට අත්හිටුවන ලදී. ඔක්තෝබර් මාසයේ 9 වැනිදා ප්‍රකාශයට පත් කළ අදාළ අපනයන පාලන පියවරයන් වසරකට අත්හිටුවීමට චීනය කටයුතු කරනු ඇත.
තෙවනුව, චීනයේ සමුද්‍රීය, සැපයුම් සහ නැව් තැනීමේ කර්මාන්තවලට එරෙහිව ක්‍රියාත්මක 301 වන වගන්තියේ විමර්ශන වසරකට අත්හිටුවීමට ඇමරිකාව කටයුතු කරනු ඇත. ඇමරිකාව සිය අදාළ පියවර අත්හිටුවීමෙන් පසු, චීනය ද ඇමරිකාවට එරෙහි ප්‍රති-පියවර වසරක කාලයක් සඳහා අත්හිටුවනු ලබයි.
තවද, TikTok සම්බන්ධ ගැටලු නිසි ලෙස විසඳීම සඳහා චීනය ඇමරිකාව සමඟ කටයුතු කරනු ඇත.
මේ අතර, චීන වාණිජ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා He Yongqian මහත්මිය අද (30) පැවසුවේ Kuala Lumpur හි වෙළඳ සාකච්ඡාවේ ප්‍රතිඵල දුෂ්කර උත්සාහයකින් දිනාගත් බවත්, ඒවා ක්‍රියාත්මක කිරීම සහතික කිරීම සඳහා චීනය ඇමරිකාව සමඟ කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවත්ය.