චීන සමාගමක් වන Wingtech හි විදේශ අනුබද්ධ අර්ධ සන්නායක නිෂ්පාදක Nexperia සම්බන්ධයෙන් නෙදර්ලන්ත රජය නිකුත් කළ පරිපාලන නියෝගය වහාම අවලංගු කළ යුතු බව චීන වාණිජ අමාත්‍යාංශය පවසයි.
ඊයේ(22) එම අමාත්‍යාංශ නිලධාරියෙකු පැවසුවේ Nexperia ආයතනික ගැටලුව සම්බන්ධයෙන් නෙදර්ලන්ත රජය නුසුදුසු මැදිහත්වීමක් සිදු කර ඇති බවය.
අදාළ සමාගම් අතර සාකච්ඡා සඳහා හිතකර කොන්දේසි නිර්මාණය කරන ලෙසත් ගෝලීය අර්ධ සන්නායක කාර්මික සහ සැපයුම් දාමයේ ආරක්ෂාව මෙන්ම ස්ථාවරත්වය යථා තත්ත්වයට පත් කිරීමට සහාය වන ලෙසත් ප්‍රකාශකයා නෙදර්ලන්ත රජයෙන් ඉල්ලීමක් කළේය.
සිවිල් භාවිතයට අදාළ අපනයන නිදහස් කිරීම් සඳහා චීන රජය දැනටමත් සංයුක්ත පියවර ගෙන ඇති අතර අර්ධ සන්නායක සැපයුම් දාමයේ ස්ථාවරත්වය සහ බාධාවකින් තොරව ගලායාමට අත්‍යවශ්‍ය කොන්දේසි නිර්මාණය කරන බව අමාත්‍යාංශය පැවසීය.