Shenzhou 20 අභ්‍යවකාශ මෙහෙයුම සඳහා චීනය පූර්ණ සූදානමකින් සිටී. අද (22) පෙරවරුවේ බෙයිජිං අභ්‍යවකාශ පාලන මධ්‍යස්ථානයේ මෙහෙයවීම යටතේ Jiuquan චන්ද්‍රිකා අභ්‍යවකාශගත කිරීමේ මධ්‍යස්ථානය සහ Xi’an චන්ද්‍රිකා පාලන මධ්‍යස්ථානය ඇතුළු ආයතන ඒ වෙනුවෙන් ඒකාබද්ධ පුහුණුවක් සිදු කළේ ය. එය මිනිසුන් සහිත Shenzhou 20 අභ්‍යවකාශ යානය උඩුගුවනට යාමට පෙර සිදු කරන ලද අවසාන පුහුණුව වීම විශේෂත්වයකි. අභ්‍යවකාශ යානය ගුවන්ගත කිරීමේ පූර්ණ ක්‍රියාවලිය එහිදී අත්හදා බැලීමක් වශයෙන් සාර්ථක ව සිදු කෙරිණ.
මිනිසුන් සහිත Shenzhou 20 අභ්‍යවකාශ යානය නුදුරේදීම අභ්‍යවකාශගත කිරීමට නියමිතව තිබේ.