ශැංහයි සහයෝගිතා සංවිධානයේ විදේශ අමාත්‍ය කවුන්සිල රැස්වීමට සත්කාරකත්වය සපයන බව චීනය පසුගියදා නිවේදනය කළේ ය. මේ පිළිබඳව චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක Lin Jian මහතා අද (14) පැවති මාධ්‍ය හමුවේදී පෙන්වා දුන්නේ, ශැංහයි සහයෝගිතා සංවිධානයේ 2024 සිට 2025 දක්වා කාලය තුළ සභාපතිත්වය චීනය දරන බවයි. මෙම සංවිධානයේ නායක සමුළුව මෙම වසරේ සරත් කාලයේ දී Tianjin නගරයේ හි පැවැත්වනු ඇතැයි ඔහු පැවසීය.
Tianjin නායක සමුළුව සඳහා දේශපාලන සූදානමක් ඇති කිරීම මෙවර විදේශ අමාත්‍ය කවුන්සිල රැස්වීමේ අරමුණයි. සාමාජික රටවල විදේශ අමාත්‍යවරුන් එහිදී ශැංහයි සහයෝගිතා සංවිධානයේ ඒ ඒ ක්ෂේත්රවල සහයෝගීතාවන් පිළිබඳ මෙන්ම, වැදගත් ජාත්‍යන්තර හා කලාපීය ගැටළු පිළිබඳව, අදහස් හුවමාරු කරමින් යෝජනා සහ ලේඛන මාලාවකට අත්සන් තබනු ඇතැයි, Lin Jian මහතා සඳහන් කළේ ය.
Tianjin නායක සමුළුවේ සාර්ථකත්වය සහතික කිරීම සඳහා මෙන්ම, ශැංහයි සහයෝගිතා සංවිධානය, ගුණාත්මක සංවර්ධනයේ නව අවධියකට ප්‍රවර්ධනය කිරීම සඳහා ද, මෙවර විදේශ අමාත්‍ය කවුන්සිල රැස්වීම අවස්ථාවක් වන බව හෙතෙම පැවසීය.