Vanuatu ජනරජ‍ය වෙත චීනයෙන් හදිසි සහනාධාරයක්

Vanuatu ජනරජ‍ය වෙත චීනය හදිසි සහනාධාර ලබා දෙයි. පසුගිය 17 වන දා එරට හටගත් දරුණු භූමිකම්පාවෙන් ආපදාවන්ට ලක්වූවන්ට සහන සැලසීමට සහ පශ්චාත් සංවර්ධන කටයුතු වෙනුවෙන් සහාය දැක්වීමටත් චීන රජය ඇ.ඩො. ලක්ෂ 10කින් යුත් ප්‍රථම ආධාරයක් Vanuatu ජනරජ‍ය වෙත පිරිනමා ඇතැයි චීන ජාත්‍යන්තර සංවර්ධන සහයෝගිතා ඒජන්සියේ ප්‍රවෘත්ති ප්‍රකාශක Li Ming මහතා අද(23) පැවසීය.

Vanuatu රාජ්‍යයේ ඉල්ලීමකට අනුව, චීන රජය එරට විපත් තත්ත්වයන් අධීක්ෂණය කිරීම සඳහා එහි සිටින චීන ව්‍යවසායන් හි වි‍ශේෂඥයන් සම්බන්ධීකරණය කර ඇත. එමෙන්ම චීන වෛද්‍ය කණ්ඩායම්  මුදා ගැනීම් මෙහෙයුම් සඳහා ද එක්ව සිටිති. තවද, චීන රතු කුරුස සංගමය Vanuatu රාජ්‍යයට ඇ.ඩො. ලක්ෂයකින් යුත් මුදල් ආධාරයක් ද යොමු කර ඇත. එරට අවශ්‍යතාවය පරිදි තවදුරටත් සහාය දැක්වීමට චීනය සූදානම් බව ද ඔහු ප්‍රකාශ කළේය.