යුරෝපා සංගමය තම ආර්ථික අවශ්‍යතා ආරක්ෂා කර ගැනීම සඳහා ඇමරිකාව සමග ගැඹුරු සාකච්ඡා පැවැත්වීමට සූදානම් බව යුරෝපා කොමිසමේ සභාපතිනි Ursula von der Leyen මහත්මිය ඊයේ(04) ප්‍රකාශ කළාය. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යුරෝපා සංගමයෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා තීරුබදු පැනවීමට සැලසුම් කරන බව නිවේදනය කිරීමෙන් පසු ඇය මේ බව සඳහන් කර තිබේ.
මිලියන ගණනක ජනතාවගේ රැකියා දෙපාර්ශ්වයේ ආර්ථික සබඳතා මත රැදී පවතී. ඇමරිකාව තුළ ක්‍රියාත්මක යුරෝපා සමාගම්හි මිලියන 3.5ක පිරිසක් සේවයේ යෙදී සිටිති. ඇමරිකාව සහ යුරෝපා සංගමය අතර වෙළඳ පරිමාව ඇ.ඩො බිලියන 1.5 ක් වන බැවින් දෙපාර්ශ්වයම අවදානමට ලක්ව ඇතැයි von der Leyen මහත්මිය සඳහන් කර ඇත.
යුරෝපා සංගමය තම අරමුණු සාක්ෂාත් කර ගැනීමේදී විවෘතව හා ප්‍රායෝගිකව ක්‍රියා කරන අතර සිය ආර්ථික අවශ්‍යතා අධිෂ්ඨානශීලීව ආරක්ෂා කරන බව ඇය අවධාරණය කර තිබේ.