චීන ජාතික සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට අනුව, මේ වසරේ ජනවාරි සිට මාර්තු දක්වා, රට පුරා චීන යුවාන් මිලියන 20කට වඩා වැඩි වාර්ෂික ආදායම උපයා ගන්නා කාර්මික ව්‍යවසායන් ලබා ගත් මුළු ලාභය චීන යුවාන් ට්‍රිලියන 1.7කට ආසන්න වූ අතර එය වසරින් වසර 15.5% ක වැඩිවීමකි.
එම කාලය තුළ එම කාර්මික ව්‍යවසායන් අතරින් විදේශ සහ හොංකොං, මැකෞ හා තායිවාන ප්‍රදේශයේ ආයෝජනය සහිත ව්‍යවසායන්හි මුළු ලාභය යුවාන් බිලියන 383.73ක් වන අතර එය 1.2% ක වැඩිවීමකි. පෞද්ගලික ව්‍යවසායන් යුවාන් බිලියන 430.53ක ලාභයක් ලබා ගත් අතර එය 25.4% ක වර්ධනයකි.
පළමු කාර්තුවේ පතල් කර්මාන්තය ආශ්‍රිතව, යුවාන් බිලියන 256.33ක ලාභයක් ලබා ගත් අතර එය වසරින් වසර 16.2%ක වැඩිවීමකි. නිෂ්පාදන කර්මාන්තය යුවාන් ට්‍රිලියන 1.24 ක මුළු ලාභයකින් 19.1%ක වාර්ෂික වැඩිවීමක් පෙන්නුම් කර ඇත.