චීනයේ මිනිසුන් සහිත අභ්‍යවකාශ ඉංජිනේරු ව්‍යාපෘතියේ ප්‍රථම විදේශීය ගගනගාමීන් තෝරා ගැනේ

චීනයේ මිනිසුන් සහිත අභ්‍යවකාශ ඉංජිනේරු කාර්යාලයට අනුව, චීනයේ මිනිසුන් සහිත අභ්‍යවකාශ ඉංජිනේරු ව්‍යාපෘතියේ ප්‍රථම විදේශීය ගගනගාමීන් තෝරා ගැනීමේ කටයුතු අප්‍රේල් මස මුල් භාගයේ දී අවසන් විය.

එහිදී පාකිස්ථාන ජාතික අපේක්ෂකයින් දෙදෙනෙකු වන Muhammad Zeeshan Ali සහ Khurram Daud අවසානයේ තේරී පත්විය. පුහුණු වල නිරත වීම සඳහා ඔවුන් නුදුරේදීම චීනයට පැමිණෙනු ඇත. එම සියලු පුහුණුවීම් නිම කර අදාළ පරීක්ෂා සමත් වීමෙන් පසු, ඔවුන්ගෙන් එක් අයෙකු පැටවුම් විශේෂඥයෙකු ලෙස ගගන මෙහෙයුමක් සඳහා සහභාගි වීමට නියමිත අතර එහිදී චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ඇතුළු වන ප්‍රථම විදේශීය ගගනගාමියා බවට ඔහු පත්වනු ඇත.

මෙලෙස පාකිස්ථානය වෙනුවෙන් ගගනගාමීන් තෝරාගැනීම හා පුහුණු කිරීම චීන අභ්‍යවකාශ ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කිරීමකි. මෙය චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ජාත්‍යන්තර සහයෝගීතාවයේ සුවිශේෂී ප්‍රතිඵලයක් ද වේ