චීන ව්‍යවසායන් හා වෙළෙඳපොල ප්‍රතික්ෂේප කිරීම ඇමරිකාවටම හානියක් බව චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක Lin jian මහතා ප්‍රකාශ කරයි. ඔහු මෙසේ ප්‍රකාශ කළේ අද(24) බෙයිජිංහි පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදීය. ආයෝජන ප්‍රතිපත්ති පිළිබඳ සංදේශය නිකුත් කරමින් ඇමරිකාව චීන ආයෝජන හා සම්බන්ධ ආරක්ෂක විමර්ශන දැඩි කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හෙතෙම මේ අදහස් පළ කළේය.
ඇමරිකාව ‘ජාතිකාරක්ෂාව’ මුවා දක්වමින් අදාළ සංදේශය හරහා චීනය සිය ප්‍රතිවාදියෙකු ලෙස සලකා වෙනස් කොට සැලකීමේ පියවර ක්‍රියාත්මක කර ඇත. ඒ සම්බන්ධයෙන් චීනය දැඩි අප්‍රසාදය පළ කරන බවත්, ඊට තරයේ විරෝධය දක්වන බවත් Lin Jian මහතා කියා සිටියේය.
ඇමරිකාවේ මෙම හැසිරීම චීන ව්‍යවසායන් එරට ආයෝජනය කිරීමේ විශ්වාසය දැඩි ලෙස පළුදු කරමින් ඇමරිකාවේ ආයෝජන පරිසරය විනාශ කරන අතර, ඒ හරහා දෙරට අතර ආයෝජන හුවමාරුවලට බලපෑම් එල්ල වූ බවද හෙතෙම සඳහන් කළේය. චීන ව්‍යවසායන් හා වෙළෙඳපොල ප්‍රතික්ෂේප කිරීම ඇමරිකාවේ ආර්ථීක ජයග්‍රහණයට හා ජාත්‍යන්තර විශ්වාසයට හානි කරන්නක් බවද චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක Lin jian මහතා එහිදී වැඩිදුරටත් පැවසීය.