ශැංහයි සහයෝගිතා සංවිධානයේ හරිත හා තිරසර සංවර්ධන සංසදය අද (29) චීනයේ Zhejiang පළාතේ Ningbo නගරයේදී ආරම්භ විය. චීන මහජන දේශපාලන උපදේශක සභාවේ ජාතික කමිටුවේ නියෝජ්‍ය සභාපති, ශැංහයි සහයෝගිතා සංවිධානයේ මිත්‍ර හවුල්කාරී සහයෝගිතා කමිටුවේ සභාපති Shen Yueyue මහත්මිය, එහි සමාරම්භක උත්සවයට එක් වෙමින් ජනාධිපති ෂී ජින්පිං මහතාගේ සුබපැතුම් ලිපිය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව ප්‍රධාන දේශනය ද ඉදිරිපත් කළාය.
ශැංහයි සහයෝගිතා සංවිධානයේ සාමාජික රටවල් අතර හුවමාරු හා අන්‍යෝන්‍ය අධ්‍යයන කිරීම, හරිත හා තිරසර සංවර්ධන ක්ෂේත්‍ර වල ප්‍රායෝගික සහයෝගිතා වෙත ෂී ජින්පිං මහතා යොමු කළ ඉහළ අවධානය අදාළ සුබපැතුම් ලිපියෙන් පිළිබිඹු වූ බව ඇය සඳහන් කළාය. ගෝලීය ජෛව ශිෂ්ඨාචාරය ගොඩනැගීමේ මාර්ගය පොදුවේ හඳුනාගෙන ගෝලීය පරිපාලනය සම්පූර්ණ කිරීම සඳහා වඩාත් වැඩි චීන විසඳුම් හා ශැංහයි සහයෝගිතා සංවිධානයේ විසඳුම් ලබා දෙනු ඇතැයිද එහිදී අවධාරණය කෙරිණ. ශැංහයි සහයෝගිතා සංවිධානයේ හරිත හා තිරසර සංවර්ධනය පොදුවේ ප්‍රවර්ධනය කිරීම ඒ ඒ සාමාජික රටවල්වල පොදු අපේක්ෂාව හා ප්‍රධාන සහයෝගිතාවයේ හරය වන බවද Shen Yueyue මහත්මිය පැවසුවාය.