චීන විදේශ අමාත්‍යවරයා සහ එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා අතර හමුවක්

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික, විදේශ ඇමති වං යී මහතා පසුගිය 18වැනිදා නිව්යෝර්ක් නුවරදී එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටෙරෙස් මහතා හමුවිය. ඒ වං යී මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ඉහළ පෙළේ රැස්වීමක් අතරතුර ය. 

මෙම මාසයේ ආරක්ෂක මණ්ඩලයේ වාරික සභාපතිත්වය හිමි රට ලෙස, “බහුපාර්ශ්විකත්වය ක්‍රියාත්මක කරමින් ගෝලීය පාලනය ප්‍රතිසංස්කරණය කර වැඩිදියුණු කිරීම” පිළිබඳ ඉහළ මට්ටමේ රැස්වීමක් පැවැත්වීමට චීනය කළ යෝජනාවට සියලු පාර්ශ්වයන්ගෙන් ධනාත්මක ප්‍රතිචාර ලැබී ඇති බවත්, මෙය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ 80 වන සංවත්සරය සැමරීමේ ආරම්භය සනිටුහන් කළ බවත් වං යී මහතා පැවසීය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රමුඛ කාර්යභාරයට මෙන්ම මහලේකම්වරයාගේ සහ ලේකම් කාර්යාලයේ කටයුතුවලට චීනය අඛණ්ඩ සහාය දෙන බවත්,සැබෑ බහුපාර්ශ්විකත්වය ඒකාබද්ධව ක්‍රියාත්මක කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග සමීපව කටයුතු කිරීමට කැමැත්තෙන් සිටින බවත් ඔහු පැවසීය.

බහුපාර්ශ්විකත්වයට චීනය දක්වන අනුගත වීම සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කටයුතු සඳහා සහයෝගය දැක්වීම එක්සත් ජාතීන්ගේ සංවිධානය බෙහෙවින් අගය කරන බවත්, මෙම රැස්වීම පැවැත්වීමට චීනය කළ යෝජනාව ධනාත්මකව ඇගයීමට ලක් කරන බවත් අන්තෝනියෝ ගුටෙරෙස් මහතා එහිදී පැවසීය. එක්සත් ජාතීන්ගේ සංවිධානය චීනයේ කාර්යභාරයට විශාල වැදගත්කමක් ලබා දෙන බවත්, ජනාධිපති ෂී ජින්පිං මහතා විසින් ඉදිරිපත් කරන ලද ප්‍රධාන ගෝලීය මුලපිරීම් තුනට සම්පූර්ණයෙන්ම එකඟ වන බවත්,එයට ක්‍රියාකාරීව සහාය දක්වන බවත් ඔහු  සඳහන් කර ඇත.