සාම සාකච්ඡා ඇරඹීමට මෑතකදී ඇමරිකාව සහ රුසියාව එළඹ ඇති එකඟතාව ඇතුළු යුක්රේනයේ සාමය ස්ථාපිත කිරීම සඳහා දරන සියලු ප්රයත්නයන් අගය කරන බව එක්සත් ජාතීන්ගේ චීන නිත්‍ය නියෝජිත Fu Cong මහතා පවසයි. හෙතෙම මේ බව ප්‍රකාශ කළේ යුක්රේනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ඊයේ(17) පැවති සාකච්ඡාවේදී අදහස් දක්වමිනි.
එහිදී Fu Cong මහතා වැඩිදුරටත් සඳහන් කළේ එක්සත් ජාතීන්ගේ ප්රඥප්තියට අනුකූලව සාකච්ඡා මාර්ගයෙන් ගෝලීය ආරවුල් සාමකාමීව විසඳා ගැනීමට චීනය අඛණ්ඩව පෙනී සිටින බවත් එය යුක්රේන ගැටලුවට ද එලෙසම අදාළ වන බවත්ය.
අර්බුදය ආරම්භයේ සිටම චීනය සාකච්ඡා මාර්ගයෙන් දේශපාලන විසඳුමක් ඉල්ලා සිටි බව ද හෙතෙම ප්‍රකාශ කළේය. සියලු රටවල ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාවට ගරු කළ යුතු බවත්, එක්සත් ජාතීන්ගේ ප්රඥප්තියේ පරමාදර්ශය සහ මූලධර්මයන්ට අනුගත විය යුතු බවත්, සියලු රටවල නීත්‍යනුකූල ආරක්ෂක ප්‍රශ්න දෙස අවධානය යොමු කළ යුතු බවත්, සාමකාමී ලෙස අර්බුදය විසඳිය හැකි සියලු උත්සාහයන් වෙත සහාය දැක්විය යුතුය යන සිව්වැදෑරුම් යෝජනා ද චීනය ඉදිරිපත් කර ඇත.
සක්‍රිය රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීමක් ලබා දෙමින් චීනය රුසියා-යුක්රේන දෙපාර්ශ්වය සමග සබඳතා පවත්වා ඇත. එමෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහ එහි ආරක්ෂක මණ්ඩලයේ රාමුව යටතේ මෙම ප්රශ්නයේදී පුළුල් සහභාගීත්වයක් ලබා දී ඇති අතර සටන් විරාමය සහ දේශපාලන විසඳුම් මාර්ගය ප්‍රවර්ධනය කිරීමට ඵලදායී කාර්යභාරයක් ඉටු කර ඇති බව ද Fu Cong මහතා වැඩිදුරටත් පෙන්වා දී තිබේ.