යේමනයේ තත්ත්වය තවදුරටත් උත්සන්න වීම වැළැක්වීමට ක්‍රියා කළ යුතු බව එක්සත් ජාතීන්ගේ චීන උප නිත්‍ය නියෝජිත Geng Shuang මහතා පවසයි. ඊයේ(13) යේමනය පිළිබඳ ආරක්ෂක මණ්ඩලයේ පැවති විවෘත රැස්වීමකදී හෙතෙම මේ බව පැවසීය.
යේමන ගැටුමට සම්බන්ධ සියලු පාර්ශ්වයන් ගාසා තීරයේ සටන් විරාමයේ අවස්ථාව ප්‍රයෝජනයට ගත යුතු බව Geng Shuang මහතා පෙන්වා දුන්නේය. එසේම වෙළඳ නැව්වලට පහර දීම හා යේමනයට එල්ල වන ගුවන් ප්‍රහාර නතර කළ යුතු බව ද ඔහු කීය.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහාය යටතේ දේශපාලන අවහිරතා බිඳ දමමින් යේමනයේ සාම ක්‍රියාවලිය යළි ආරම්භ කරනු ඇතැයි ජාත්‍යන්තර ප්‍රජාව අපේක්ෂා කරන බව Geng Shuang මහතා පැවසීය. යේමනයේ සියලුම පාර්ශ්වයන් තම ජනතාවගේ අවශ්‍යතා කෙරෙහි අවධානය යොමු කරමින් ජාත්‍යන්තර ප්‍රජාවේ ඉල්ලීමට ප්‍රතිචාර දැක්විය යුතු බවත්, කඩිනමින් සංවාද හා සන්නිවේදන නැවත ආරම්භ කළ යුතු බවත් ඔහු වැඩිදුරටත් කියාසිටියේ ය.
යේමන ගැටුමට අදාළ පාර්ශ්වයන් අතරසංවාද පැවැත්වීමට ඵලදායී සහාය දීමට කලාපීය රටවල් ධනාත්මක කාර්යභාරයක් ඉටු කළ යුතු බව ද ඔහු සඳහන් කළේ ය. එමෙන්ම යේමනයේ සියලු පාර්ශ්වයන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානුෂීය ආධාර වැඩසටහන් සමග මනා සහයෝගයකින් කටයුතු කරමින් බාධාවකින් තොරව මානුෂීය ප්‍රවේශය සහ මානුෂීය සේවකයින්ගේ ආරක්ෂාව සහතික කළ යුතු බවද ඔහු වැඩිදුරටත් පවසා ඇත.