චීන ජාතික සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව අද (16) පෙරවරුවේ 2026 වසරේ මුල් මාස පහට අදාළ ආර්ථික දත්ත නිකුත් කළේය. එම කාලය තුළ රටපුරා වාර්ෂික ආදායම යුවාන් මිලියන 20ක් හෝ ඊට වැඩි කාර්මික ව්‍යවසායන්හි එකතු කළ අගය වාර්ෂිකව 5.4%කින් වර්ධනය වී ඇති බව අදාළ දත්තයන්ට අනුව දැක්වේ.
එමෙන්ම සේවා කර්මාන්තයේ නිෂ්පාදන දර්ශකය 4.8%ක වාර්ෂික වර්ධනයක් පෙන්නුම් කර ඇති අතර, සමාජ පාරිභෝගික භාණ්ඩවල සමස්ත සිල්ලර විකුණුම් ද වාර්ෂිකව 2.8%ක වැඩිවීමක් වාර්තා කර තිබේ. එසේම භාණ්ඩ ආනයන හා අපනයනවල මුළු වටිනාකම වාර්ෂිකව 15.3%කින් වර්ධනය වී ඇත.
තවද, මෙම වසරේ මුල් මාස පහ තුළ, චීනය සක්‍රීය හා ඵලදායී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කර, ජාතික ආර්ථිකය ස්ථාවර වර්ධනයක පවත්වා ගෙන තිබෙන බවත් චීන ජාතික සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු පැවසීය.