මැදපෙරදිග කලාපය ඉන් පිටත රාජ්‍යන් හි භූ දේශපාලන ගොදුරක් නොවිය යුතු බව චීන සහ ඉරාන විදේශ අමාත්‍යවරු අවධාරණය කරති

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික, විදේශ ඇමති Wang Yi මහතා ඉරාන විදේශ ඇමති Abbas Araqchi මහතා හමු වෙයි. එම හමුව අද (28) චීනයේ බෙයිජිං හිදී පැවැත්විය.

චීන-ඉරාන විස්තීර්ණ සහයෝගීතා සැලැස්ම ක්‍රියාත්මක කිරීම තවදුරටත් ප්‍රවර්ධනය කිරීමටත්, දේශපාලන හා රාජ්‍ය තාන්ත්‍රික මෙන්ම ව්‍යවස්ථාදායක ආයතනයන් හි දනීතිය සහ යුක්තිය ක්‍රියාත්මක කිරීමටත්,ආර්ථික සහ වෙළඳ යන ක්ෂේත්‍රයන් හි රාජ්‍ය පාලනයේ අත්දැකීම් හුවමාරුව ශක්තිමත් කිරීමටත් මෙහිදී දෙපාර්ශ්වයම එකඟ වූ බව Wang Yi මහතා පැවසීය.

මැදපෙරදිග කලාපය අයිති වන්නේ මැදපෙරදිග ජනතාවට බවත් එය මහා බල තරඟයකට පිටියක් නොවන බවත් කලාපයෙන් පිටත රටවල් අතර භූ දේශපාලන තරඟයේ සහ ගැටුම්වල ගොදුරු නොවිය යුතු බවටත් දෙපාර්ශවයම එකඟ වූ බව ද ඔහු පැවසීය.

තවද ඉරාන න්‍යෂ්ටික ප්‍රශ්නය දේශපාලන හා රාජ්‍ය තාන්ත්‍රික මාර්ග හරහා විසඳා ගැනීමටත්, ඉරාන න්‍යෂ්ටික ප්‍රශ්නය පිළිබඳ විස්තීරණ ගිවිසුම ආරක්ෂා කිරීමටත් චීනය සැමවිටම පෙනී සිටින බව Wang Yi මහතා අවධාරණය කළ අතර සංවාදය සහ සාකච්ඡාව යළි ආරම්භ කිරීම සඳහා අදාළ සියලු පාර්ශ්ව සංවර්ධනාත්මක කාර්යභාරයක් ඉටු කළ යුතු බව ද ඔහු පැවසීය.