Huangyan දූපතෙහි ආරක්ෂාව සහතික කරමින් චීන හමුදා ඒ අවට නිරීක්ෂණ මෙහෙයුම් ක්‍රියාව‍ට නංවයි

චීනයට අයත් Huangyan දූපතෙහි ස්වෛරීභාවය සහ දකුණු චීන මුහුද ආශ්‍රිත කලාපයේ සාමය හා ස්ථාවරත්වය තවදුරටත් සහතික කිරීම වෙනුවෙන් හමුදා නිරීක්ෂණ මෙහෙයුමක් ක්‍රියාවට නැංවීම සඳහා චීනය පියවර ගෙන ඇත.

ඒ යටතේ චීන මහජන විමුක්ති හමුදාවේ නාවික හා ගුවන් බලකා භට පිරිස් යොදා ගනිමින් චීනයට අයත් Huangyan දූපත ආශ්‍රිත මුහුදු හා ගුවන් කලාප ආවරණය කරමින් අද(29)  නිරීක්ෂණ මුර සංචාර සිදු කළේය.