වෙළඳ සහ තීරු බදු යුද්ධවලින් ජයග්‍රාහකයින් බිහි නොවේ – චීනය

වෙළඳ යුද්ධ සහ තීරුබදු යුද්ධවලින් ජයග්‍රාහකයින් නොමැති බව චීනය පවසයි.

වානේ සහ ඇලුමිනියම් නිෂ්පාදන සඳහා 25% ක නව තීරුබදු පැනවීම අද (10) ප්‍රකාශයට පත් කරනු ඇති බව ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ. ඒ පිළිබඳව අදහස් දක්වමින් චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශකGuo Jiakun මහතා අද (10) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී මේ බව පැවසීය.

ආරක්ෂණවාදයට අනාගතයක් නොමැති බවත් වෙළඳ යුද්ධ සහ තීරුබදු යුද්ධවල ජයග්‍රාහකයින් නොමැති බවත් ඔහු අවධාරණය කළේය.