චීන සාම්ප්‍රදායික පහන් කූඩු උත්සවය නිමිත්තෙන් රටවල් රැසක සරුසාර සැමරුම් ක්‍රියාකාරකම් පැවැත්වේ. වැඩි ජාත්‍යන්තර මිතුරන් පිරිසක් ඊට සහභාගී වෙමින් චීන සාම්ප්‍රදායික සංස්කෘතියේ චමත්කාරය අත්විඳිමින් සිටිති.
චීන මාධ්‍ය සමූහයේ පහන් කූඩු උත්සව ගාලා පූර්ව ප්‍රචාරක වීඩියෝව ඊයේ(11) සැම්බියාවේ ලුසාකා අගනුවර සහ ඇන්ගෝලාවේ ලුආන්ඩා අගනුවර එළිමහන් විශාල තිරවල එළිදැක්වීය. එය එහි වැසියන්ගේ පැසසුමට ලක්ව තිබේ.
ඉතාලියේ ෆ්ලෝරන්ස් නගරයේ “අලුත් අවුරුද්ද සාදරයෙන් පිළිගනිමින් පහන් කූඩු උත්සවය සැමරීම” යන උත්කර්ෂවත් උත්සවයක් පවත්වා තිබේ. එම උත්සව භූමිය අතිශයින් සජීවී විය. එහිදී ඉදිරිපත් කරන ලද දැකුම්කළු වැඩසටහන් ඉතාලි ජනතාව සහ එරට සිටින චීන ජාතිකයින් මෙන්ම සංචාරකයින් විශාල සංඛ්‍යාවක් ආකර්ෂණය කර ඇත.