චීන ජනාධිපති ෂී ජින් පිං මහතා පෞද්ගලික ව්‍යවසායක නියෝජිතයන් සමග සාකච්ඡාවක් පැවැත්වීය. චීනයේ උත්තරීතර නායකයා වශයෙන් හෙතෙම රටේ පෞද්ගලික ව්‍යවාසයන්හි සංවර්ධනය ඉතා වැදගත් කොට සලකයි. මීට පෙර එනම් 2018 සහ 2020 යන වසරවල ද චීන ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මෙවැනි සාකච්ඡා පවත්වා තිබේ.මෙවර සාකච්ඡාවට එක්වූ පෞද්ගලික ව්‍යවසායන් අන්තර්ජාලය, කෘත්‍රිම බුද්ධිය, නව බලශක්ති, කෘෂිකර්මය, පශු පාලනය,මෝටර් රථ නිෂ්පාදනය ඇතුළු චීනයේ විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරයි. එම ව්‍යවසායන් චීනය ප්‍රතිසංස්කරණය හා විවෘතභාවය ප්‍රතිපත්තිය අනුගමනය කිරීමත් සමග නැගෙමින් සිටින පෞද්ගලික ව්‍යවසායන් වීම විශේෂත්වයකි. ඒ අතරින් ලොව ප්‍රමුඛතම තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සැපයුම්කරුවෙකු වන Huawei සමාගම සහ ගෝලීය ප්‍රබල නව බලශක්ති මොටර් රථ නිෂ්පාදකයෙකු වන BYD සමාගම කැපී පෙනේ.
චීන ආර්ථික වර්ධනය වෙනුවෙන් පෞද්ගලික ව්‍යවසායන් ඉටු කර ඇති කාර්යභාරයන් සුළුපටු නැත. චීනයේ බදු ආදායම්වලින් 50%කට වැඩි ප්‍රමාණයක් ද චීන දළ දේශීය නිෂ්පාදිතයෙන් 60%කට වැඩි ප්‍රමාණයක් ද චීනයේ තාක්ෂණික නවෝත්පාදනයන්හි 70%ක් ද චීනයේ නගර හා උපනගරවල රැකියා නියුක්තියෙන් 80%ක් ද වෙනුවෙන් පෞද්ගලික ව්‍යවසායන් දායක වී ඇතැයි සංඛ්‍යා ලේඛනයන්හි සඳහන් වෙයි.


මෙවර සාකච්ඡාවේදී ෂී ජින් පිං ජනාධිපතිවරයා පෞද්ගලික ව්‍යවසායකයන් සමග අදහස් හුවමාරු කරමින් පෞද්ගලික ව්‍යවසායන් පිළිබඳ රජයේ ප්‍රතිපත්තිය වඩාත් පැහැදිලි කළේ ය. එහිදී හෙතෙම කියා සිටියේ පෞද්ගලික ව්‍යවසායන් පිළිබඳ රජයේ ප්‍රතිපත්තිය වෙනස් නොවන බවයි. ඒ අනුව පෞද්ගලික ව්‍යවසායන්ට රජය සතු ව්‍යවසායන් සමග වෙළඳපොල තරගකාරීත්වයට මුහුණදීමේදී රජයෙන් සාධාරණ සහායන් හා නීතිමය රැකවරණය හිමිවෙයි. රජය පෞද්ගලික ව්‍යවසායන්හි සංවර්ධනය වෙනස් නොවන අයුරින් තවදුරටත් දිරිගන්වන බව චීන ජනාධිපතිවරයා අවධාරණය කළේ ය. චීනය නව යුගයකට හා නව ගමන් මාර්ගයකට ප්‍රවේශ වෙමින් සිටින වර්තමානයේ පෞද්ගලික ව්‍යවසායන්ට පුළුල් සංවර්ධන අවකාශයක් මෙන් ම පෞද්ගලික ව්‍යවසායකයන්ට හැකියාවන් විදහා පෑමේ වැඩි ඉඩකඩක් හිමි වන බව ද චීන ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කර තිබේ.