14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ 14වැනි සැසිවාරය බෙයිජිංහි මහජන මහා ශාලාවේ දී අද (25) අවසන් විය. ස්ථාවර කමිටුවේ සභාපති Zhao Leji මහතා එම සමාප්ත රැස්වීමේ මුලසුන දැරීය.
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ කාර්ය සාධන වාර්තාව මූලික අදියරේ සම්මත කිරීම එම රැස්වීමේ දී සිදු විය. Zhao Leji සභාපතිවරයා විසින් ස්ථාවර කමිටුව නියෝජනය කරමින් 14වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ තුන්වන සැසිවාරය වෙත කාර්ය වාර්තා කරන බවට ස්ථාවර කමිටු සභාපතිවරයාගේ කවුන්සිලය එම අවස්ථාවේ දී යෝජනා කර ඇත.
14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ තුන්වන සැසිවාරයේ න්‍යාය පත්‍රය, සභාපති කමිටුවේ හා ලේකම්වරයාගේ නම් ලැයිස්තුව ඇතුළත් කෙටුම්පත් එම රැස්වීමේදී ඡන්ද ප්‍රකාශ කිරීමෙන් සම්මත වූ අතර එය, 14වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ තුන්වන සැසිවාරයේ පෙර සූදානම් රැස්වීමට ඉදිරිපත් කිරීමට තීරණය කෙරිණ. අනතුරුව 14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ තුන්වන සැසිවාරයට එක්වන ඡන්දය ලබා නොදෙන ආරාධිතයන්ගේ නම් ලැයිස්තුව ද සම්මත කර ඇත.