රටේ ආර්ථික කටයුතු පිළිබඳ චීන ජනපතිගේ වැදගත් ලිපියක් “Qiushi” සඟරාවේ පළ වේ

“ආර්ථික කටයුතු හැසිරවීමේදී වැදගත් සබඳතා කිහිපයක් මනාව සම්බන්ධීකරණය කළ යුතුය.” යන තේමාවෙන් යුතු චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ වැදගත් ලිපියක් හෙට(1) “Qiushi” සඟරාවේ පස්වන කලාපයේ පළ වීමට නියමිතය. 

“14 වැනි පස්අවුරුදු සැලැස්මේ” ඉලක්ක සාක්ෂාත් කර ගැනීම සඳහා 2024 තීරණාත්මක වසරක් බව එම ලිපිය අවධාරණය කරයි. වැඩිවන බාහිර පීඩනය සහ අභ්‍යන්තර දුෂ්කරතා හමුවේ, චීන කොමියුනිස්ට් පක්‍ෂයේ මධ්‍යම කාරක සභාව සමස්ත පක්‍ෂ සාමාජිකයන් සහ සමස්ත ජනවර්ගවල ජනතාව මෙහෙයවා නිසි ලෙස ප්‍රතිචාර දක්වමින් විස්තීරණ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරමින් ස්ථාවර ආර්ථික වර්ධනය සහතික කිරීමට හැකි වී තිබේ. උසස් තත්ත්වයේ සංවර්ධනය ස්ථිර ලෙස ඉදිරියට ගෙන යමින් ආර්ථික, විද්‍යාත්මක හා සංයෝගාත්මක ජාතික බලය අඛණ්ඩව ශක්තිමත් වී තිබේ.

ආර්ථික කටයුතු, ක්ෂේත්‍ර රැසක් හා කරුණු රැසක් ඇසුරෙන් පවතින්නකි. මෙහිදී ජීව ගුණයෙන් හා නම්‍යශීලිත්වයෙන් යුත් පාලනයට ලක් කළ හැකි ආර්ථික ක්‍රමවේදයක් බිහි කිරීමට, ඵලදායී වෙළඳපල සහ යහපත් රජය අතර සම්බන්ධතාවය සම්බන්ධීකරණය කළ යුතුය. ජාතික ආර්ථික චක්‍රය සුමට කිරීම සඳහා සම්පූර්ණ සැපයුම සහ සම්පූර්ණ ඉල්ලුම අතර සම්බන්ධතාවය සම්බන්ධීකරණය කළ යුතුය. දේශීය තත්ත්වයන් අනුව නව ගුණාත්මක ඵලදායිතාව වර්ධනය කිරීමේදී, නව ගාමක බලය බිහි කිරීම සහ පැරණි ගාමක බලය අලුත් කිරීම අතර සම්බන්ධතාවය සම්බන්ධීකරණය කළ යුතු බව ද එම ලිපිය පෙන්වා දී තිබේ.