2025 වසරේ චීන දළ දේශීය නිෂ්පාදිත වටිනාකමේ 5% ක පමණ වර්ධන ඉලක්කය ලොවට නව අවස්ථා ගෙන එනු ඇත

2025 චීන රාජ්‍ය මණ්ඩලයේ රාජ්‍ය කාරක වාර්තාව රටේ ඉහළම රාජ්‍ය බලායතනය වන චීන ජාතික මහජන කොංග්‍රසයේ අධීක්ෂණය හා සාකච්ඡාවට ලක් වේ. 05 වැනිදා ඉදිරිපත් කෙරුණු එම වාර්තාව ලොව පුරා අවධානයට ලක්ව ඇත. 

ඒ අතරින්, චීනය 2025 වසරේ දළ දේශීය නිෂ්පාදිත වටිනාකමේ වර්ධන ඉලක්කය 5% ක් පමණ ලෙස සකස් කිරීම විශේෂත්වයකි. අඛණ්ඩව සංකීර්ණ වෙමින් පවතින බාහිර ගෝලීය අභියෝගයන්ට මුහුණ දෙන අතර, එම 5% ක ඉලක්කයක් කරා යොමු වීම චීන ආර්ථික‍ය කෙරෙහි ඇති විශ්වාසයේ මෙන්ම ශක්තියේ මනා පිළිබිඹුවකි. 

එම 5%ක ඉලක්කය සඳහා, 2025 වසරේ චීන රජයේ ප්‍රධාන කාර්යයන් 10ක් එම වාර්තාවෙන් ඉදිරිපත් කර ඇත. පරිභෝජනය ප්‍රබල ලෙස ඉහළ නංවමින් ආයෝජන ප්‍රතිලාභ වැඩිදියුණු කරමින් දේශීය ඉල්ලුම සම්පූර්ණයෙන්ම පුළුල් කිරීම එම කාර්යයන් අතරින් ප්‍රමුඛ වේ. 

ඊට අමතරව, මෙම වසරේ චීනය කෘත්‍රිම බුද්ධිය සංවර්ධනයට විශාල අවධානයක් යොමු කරනු ඇත.  විශාල AI මාදිලියේ පුළුල් භාවිතය, බුද්ධිමත් ජාලගත නව බලශක්ති මෝටර් රථ සංවර්ධනය, AIජංගම දුරකථන හා පරිගණක, බුද්ධිමත් රොබෝ සංවර්ධනය යනාදියට චීනය තවදුරටත් සහාය ලබා දෙයි. 

චීනයට 2025 වසර වැදගත් වසරකි. මෙම වසර චීනය “14 වැනි පස් අවුරුදු සැලැස්මේ” අවසාන වසර වන අතර, “15 වැනි පස් අවුරුදු සැලැස්ම” සඳහා සූදානම් විය යුතු වසරයි. දැඩි අභියෝගයන්ට මුහුණ දෙමින්, චීනය මෙම වසරේ 5% ක ඉලක්කය කෙරෙහි විශ්වාසයෙන් සිටී. එම 5%ක පමණඉලක්කය ලොවට වැඩි නව අවස්ථා ගෙන එනු ඇතැයි අපේක්ෂා කෙරේ.