අවශ්‍ය සංචිත අනුපාතය සහ පොලී අනුපාතය අවම කිරීමට චීනයෙන් නිසි කලට නිසි පියවර

මූල්‍යායතන කෙරෙහි අවශ්‍ය සංචිත අනුපාතය සහ පොලී අනුපාතය අඩු කිරීමට චීනය නිසි පියවර ගනී. සුදුසු අවස්ථාවල දී චීනය ඒ වෙනුවෙන් කටයුතු කරනුයේ දෙස් – විදෙස් ආර්ථික හා මූල්‍ය තත්ත්වයන් මෙන් ම මූල්‍ය වෙළඳපොළේ ක්‍රියාකාරීත්වය සැලකිල්ලට ගනිමිනි. 

එසේ ම, විද්‍යා හා තාක්ෂණ නවෝත්පාදනය හා තාක්ෂණ ප්‍රතිසංස්කරණය යන අංශ සඳහා චීන මහජන බැංකුව විසින් ලබා දෙන නැවත ණය දීමේ වපසරිය තවදුරටත් පුළුල් කරන බවත් ප්‍රතිපත්තිමය සහාය මගින් මූල්‍ය වශයෙන් ඵලදායී ආවරණ වපසරිය ද වැඩිදියුණු කරන බවත් චීන මහජන බැංකු අධිපති Pan Gongsheng මහතා පැවසීය. හෙතෙම මේ බව පැවසුවේ මේ දිනවල බෙයිජිං හි පැවැත්වෙන 14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ 3 වැනි සැසිවාරයට සමගාමී ව ඊයේ (06) සවස පැවති චීන ආර්ථිකය පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවකදී ය.