චීනය සහ එක්සත් රාජධානිය දේශගුණික විපර්යාස ඒකාබද්ධව විසඳීමට ප්‍රතිඥා දෙයි

චීන උප අග්‍රාමාත්‍ය Ding Xuexiang මහතා එක්සත් රාජධානියේ බලශක්ති ආරක්ෂාව සහ ශුද්ධ ශූන්‍යය පිළිබඳ රාජ්‍ය ලේකම් Ed Miliband මහතා ඊයේ (17) බෙයිජිං හි දී හමු විය. එහි දී දේශගුණික  විපර්යාස ඒකාබද්ධව විසඳීම සඳහා සහයෝගතාව වැඩිදියුණු කිරීමට දෙපාර්ශ්වය එකඟ වූහ.

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ ස්ථාවර කමිටුවේ සාමාජිකයෙකු ද වන Ding Xuexiang මහතා චීනය සහ එක්සත් රාජධානිය අතර අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක සබඳතා වර්ධනය කිරීම, දෙරටේ ජනතාවගේ පොදු අවශ්‍යතා ඉටු කිරීමක් වන බව පැවසීය. දෙරටේ නායකයින් විසින් එළඹ ඇති වැදගත් එකඟතාවයන් අවංකව ක්‍රියාත්මක කිරීමට, ද්විපාර්ශ්වික සබඳතා වැඩිදියුණු කිරීම සහ සංවර්ධනය කිරීම සඳහා ගම්‍යතාව තහවුරු කිරීමට, මූල්‍ය සේවා වෙළඳාම සහ ආයෝජන මෙන්ම අඩු කාබන් සංවර්ධනය වැනි ක්ෂේත්‍රවල සහයෝගතාව ගැඹුරු කිරීමට චීනය සූදානමින් සිටී.

දෙරටේ සහ ලෝකයේ ජනතාවට වඩා හොඳ ප්‍රතිලාභ ලබා දීම සඳහා දේශගුණික විපර්යාස ඒකාබද්ධව විසඳීමට චීනය, එක්සත් රාජධානිය සමග කටයුතු කිරීමට සූදානම් බව ද චීන උප අගමැතිවරයා පැවසීය.

චීනය සමග සබඳතා වැඩි දියුණු කිරීමට එක්සත් රාජධානය අවංකවම අපේක්ෂා කරන අතර, දිගුකාලීන හා ඵලදායී ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය කිරීමට බලාපොරොත්තු වන බව Ed Miliband මහතා සඳහන් කළේය. ඔහු වැඩිදුරටත් පැවසුවේ බලශක්ති ආරක්ෂාව සහ දේශගුණික විපර්යාසවලට මුහුණ දීම සම්බන්ධයෙන් චීනය සමග සහයෝගතාව ශක්තිමත් කිරීමට සූදානම් බවයි.