“වසන්තයේ චීනය: චීන අවස්ථා ලෝකය සමග බෙදා ගැනීම”නමැති ගෝලීය සංවාදය කියුබාවේදී

චීන මාධ්‍ය සමූහය සංවිධාන කරන “වසන්තයේ චීනය: චීන අවස්ථා ලෝකය සමග බෙදා ගැනීම” නමැති ගෝලීය සංවාදය කියුබාවේ හවානාහිදී  පසුගිය 19වැනිදා පැවැත්විණ.

චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ ප්‍රචාරක දෙපාර්තමේන්තුවේ උප ප්‍රධානි, චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ‍ජනරාල් Shen Haixiong මහතා වීඩියෝ ආකාරයෙන් එම අවස්ථාවේදී දේශනයක් සිදු කළේය. කියුබාවේ චීන තානාපති Hua Xin මහතා, කියුබානු ජාතික විදේශීය මිත්‍ර සංගමයේ සභාපති Fernando González මහතා ඇතුළු දෙරටේ විවිධ ක්ෂේත්‍රවල නියෝජිතවරු 100කට ආසන්න පිරිසක් එම සංවාදයට සහභාගී වූහ.

ලොව විශාලතම, වැඩිම මාධ්‍ය ආකෘතිවලින් සහ පුළුල්ම ආවරණයකින් යුත් ජාත්‍යන්තර මාධ්‍ය ආයතනයක් ලෙස, චීන මාධ්‍ය සමූහය ජාත්‍යන්තරයේ ප්‍රමුඛ පෙළේ සුසංයෝගාත්මක විකාශන ශක්‍යතා හා විද්‍යා තාක්ෂණ නවෝත්පාදන හැකියාවන් විදහාපාමින් ගෝලීය පොදු සමෘද්ධිය, පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැගීම සහ මානව වර්ගයාට වඩාත් සුන්දර අනාගතයක් ගොඩනැගීම වෙනුවෙන් දායකවීමට කැමැත්තෙන් සිටින බව Shen Haixiong මහතා එහිදී ප්‍රකාශ කළේය.

කියුබාව සහ චීනය අතර මිත්‍රත්වය කාලයත් සමග තවදුරටත් ශක්තිමත් වී ඇති බව Fernando González මහතා එහිදී පැවසීය. ආහාර සුරක්ෂිතතා‍ව, දේශගුණික විපර්යාස, බලශක්ති ආරක්ෂණය සහ පරිවර්තනය වැනි ක්ෂේත්‍රවල චීනය කියුබාවට උපරිම සහයෝගයක් ලබා දී ඇති අතර, එමගින් ආර්ථික සම්බාධක බිඳ දැමීමට කියුබාවට විශාල සහායක් ලැබී තිබේ. දිගුකාලීන සාමය සහ විශ්වීය ආරක්ෂාව සහිත ලෝකයක් ගොඩනැගීමට දායක වීම සඳහා චීනය සමග එක්ව කටයුතු කිරීමට කියුබාව කැමැත්තෙන් සිටින බව ද ඔහු සඳහන් කර ඇත.