ඇමරිකාව චීන තායිවාන ප්‍රදේශයට ආයුධ සැපයීම නතර කරන ලෙස චීනය දැඩිව ඉල්ලා සිටී.
චීන රාජ්‍ය මණ්ඩලයේ තායිවාන කටයුතු කාර්යාලයේ ප්‍රකාශක Chen Binhua මහතා අද(26) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී මේ බව පැවසීය.
ඇමරිකාව සහ තායිවාන ප්‍රදේශය අතර ඕනෑම ආකාරයක යුද සබඳතාවකට චීනය දැඩි විරෝධය පළ කරමින් ඇමරිකාව තායිවානයට ආයුධ සැපයීම නවත්වන ලෙස දැඩිව ඉල්ලා සිටින බව හෙතෙම මෙහිදී අවධාරණය කළේය.
බාහිර බලවේග හරහා කොපමණ ආයුධ මිලදී ගත්ත ද, තායිවාන ගැටළුව විසඳා රට යළි එක්සත් කිරීම සාක්ෂාත් කර ගැනීමට චීන ජනතාවගේ ස්ථිර කැමැත්ත වෙනස් කළ නොහැකි යැයි තායිවාන DPP පක්ෂ බලධාරීන්ට අනතුරු ඇඟවීමක් කරන බවත් Chen Binhua මහතා වැඩිදුරටත් කියා සිටියේය.
එමෙන්ම “තායිවාන ස්වාධීනත්වය” පිළිබඳ බෙදුම්වාදී කුමන්ත්‍රණය පරාජය කර ජාතික ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීමට චීන ජනතාවට ඇති ශක්තිමත් හැකියාව නැවැත්විය නොහැකි බව ද හෙතෙම අවධාරණය කළේය.