තායිවාන දූපත ආශ්‍රිත හමුදා අභ්‍යාසයන් හි ඉලක්කය බෙදුම්වාදී ක්‍රියාකාරකම් මර්දනය පමණක් බව චීනය අවධාරණය කරයි

චීන මහජන විමුක්ති හමුදාවේ නැගෙනහිර සේනාංකය චීනයේ තායිවාන් දූපත වටා පවත්වන ඒකාබද්ධ අභ්‍යාස සහ පුහුණුවීම්, චීන තායිවාන ප්‍රදේශයේ ඊනියා පාලක Lai Ching-te පරිපාලනයේ දැඩි බෙදුම්වාදී ප්‍රකෝප කිරීම් සඳහා දැඩි දඬුවමකි. චීන රාජ්‍ය මණ්ඩලයේ තායිවාන කටයුතු පිළිබඳ කාර්යාලයේ ප්‍රකාශිකා Zhu Fenglian මහත්මිය අද (1) මේ බව පැවසුවාය.

තායිවාන ගැටළුව විසඳා රට යළි එක්සත් කිරීමට චීනය සතු අධිෂ්ඨානය ඉතා ශක්තිමත් බවත්, එම හැකියාව බිඳිය නොහැකි දෙයක් බවත් Zhu Fenglian මහත්මිය පැවසුවාය. එමෙන්ම තායිවානය චීනයෙන් වෙන් කිරීමට කිසිවෙකුට සහ කිසිදු බලවේගයකට ඉඩ නොදෙන බවත් ඇය පැවසුවාය.

ඒ අතරම, චීනයේ මෙම ප්‍රතිප්‍රහාරයන් හි ඉලක්කය තායිවාන බෙදුම්වාදී ක්‍රියාකාරකම් මිස තායිවාන ජනතාවට එරෙහි වීමක් නොවන බව ද Zhu Fenglian මහත්මිය මෙහි දී අවධාරණය කළාය.