චීනය සමග ඒකාබද්ධව නවීකරණය කරා ගමන් කිරීමට එක් වන ලෙස චීන ජනපති වියට්නාමයෙන් ඉල්ලයි

චීනය සමග අත්වැල් බැඳ නවීකරණය කරා ගමන් කිරීමට එක් වන ලෙස චීන ජනපති ෂී ජින්පිං මහතා වියට්නාමයෙන් ඉල්ලීමක් කළේය. එරට ජාතික සභාවේ සභාපති Tran Thanh Man මහතා ඊයේ(14) හමු වූ අවස්ථාවේ දී ලෝකයට වැඩි ස්ථාවරත්වයක් සහ ධනාත්මක ශක්තියක් එක් කිරීමට දෙපාර්ශ්වයට ඇති හැකියාව දී ෂි ජින්පිං මහතා පෙන්වා දී තිබේ.

වියට්නාම රාජ්‍ය සංචාරයෙන් නැවත වරක් එරට Doi Moi ප්‍රතිසංස්කරණය දැක ගැනීමට අවස්ථාව උදා වූ බවත්, දෙරට මිත්‍රත්වයේ ගැඹුරු පදනම පෞද්ගලිකවම අත්විඳීමට හැකි වූ බවත් චීන ජනාධිපතිවරයා පැවසීය.

වර්තමානයේ චීනය සිය නවීකරණය තුළින් ශක්තිමත් රටක් ලෙස ජාතික පුනර්ජීවනයේ ශ්‍රේෂ්ඨ අරමුණ ගොඩනැංවීම සඳහා පුළුල් ලෙස ඉදිරියට යමින් සිටින අතර වියට්නාමයද ජාතික නවෝදයේ යුගයක් කරා එළඹ සිටී. දෙපාර්ශ්වයම තම සංවර්ධනයේ සහ පුනර්ජීවනයේ තීරණාත්මක අවධියක පසුවේ. වෙනස්කම් සහ කැළඹිලි සහිත ජාත්‍යන්තර පද්ධතිය තුළ දෙරට, තම සංවර්ධන මාර්ගයන් කෙරෙහි විශ්වාසය ශක්තිමත් කළ යුතුය. සහයෝගතාවය සහ සම්බන්ධීකරණය වැඩි දියුණු කරමින් උපායමාර්ගික වැදගත්කමක් ඇති හවුල් අනාගතයක් සහිත චීන-වියට්නාම ප්‍රජාවක් ගොඩනැඟීම අඛණ්ඩව ප්‍රවර්ධනය කළ යුතු බව ෂී ජින්පිං මහතා පැවසීය.

චීනය සහ වියට්නාමය කොමියුනිස්ට් පක්ෂය විසින් මෙහෙයවනු ලබන සමාජවාදී රටවල් වේ. දේශපාලන දිශාව තම පක්ෂවල සහ රටේ අනාගතයට මෙන්ම රටේ අරමුණුවල සාර්ථකත්වයට තීරණාත්මක බලපෑමක් එක් කරයි.

චීන-වියට්නාම ජනතාව තුළ “රතු ජානය”හුවමාරු වන අතර, දෙරට රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවේ 75 වන සංවත්සරය සමරන මොහොතේ දෙපාර්ශ්වය සම්මුතියෙන් අන්‍යෝන්‍ය විශ්වාසය සමග ඉදිරි ගමන් මාර්ගය මෙහෙයවිය යුතු බව ෂී ජින්පිං මහතා පෙන්වා දුන්නේය.

Tran Thanh Man මහතා සඳහන් කළේ කඳු සහ ගංගාවලින් සම්බන්ධ වී ඇති වියට්නාමය සහ චීනය, දෙපාර්ශ්වයේ සහ රටවල නායකයින් ප්‍රවේශමෙන් පෝෂණය කරමින් “සහෝදරත්වය” ඇතුළත් අවංක මිත්‍රත්වයක් ගොඩනඟා ගෙන ඇති බවයි. චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහලේකම්වරයා වන ෂී ජින්පිං මහතාගේ වියට්නාම සංචාරය වියට්නාම-චීන සබඳතාවල ඇති වැදගත්කම සම්පූර්ණයෙන්ම පෙන්නුම් කර ඇත. උපායමාර්ගික වැදගත්කමක් ඇති පොදු අනාගතයක් සහිත වියට්නාම-චීන ප්‍රජාවක් ගොඩනැගීම ඉදිරියට ගෙන යාමට මහලේකම්වරුන් දෙදෙනා වැදගත් මගපෙන්වීමක් ලබා දී තිබේ. එය ද්විපාර්ශ්වික සබඳතාවේ නව පරිච්ඡේදයක් විවෘත කරනු ඇත. චීන ජාතික මහජන කොංග්‍රසය සමඟ සමීප සන්නිවේදනයක් සහ සහයෝගීතාවයක් පැවැත්වීමටත්, පක්ෂ දෙකෙහි සහ දෙරට ඉහළම නායකයින් විසින් ඇති කරගත් වැදගත් එකඟතාවය ක්‍රියාත්මක කිරීමටත්, පොදු සමෘද්ධිය සහ සංවර්ධනයට සහ ජනතාව අතර මිත්‍රත්වයට දායක වීමටත් වියට්නාමය බලාපොරොත්තු වන බව Tran Thanh Man මහතා පැවසීය.