Friedrich Merz මහතා ජර්මන් අග්‍රාමාත්‍ය ධුරයට තේරී පත්වීම වෙනුවෙන් චීන ජනාධිපති ෂී ජින්පිං මහතා සුබපැතුම් පණිවුඩයක් යොමු කරයි.
චීනය හා ජර්මනිය අංගසම්පූර්ණ උපායමාර්ගික හවුල්කාරීත්වයක් සහිත රටවල් බව ෂී ජින්පිං මහතා ඊයේ(6) යොමු කළ එම සුබපැතුම් පණිවුඩයේ සඳහන් කළේය. ගෙවී ගිය වසර 53 තුළ අන්‍යෝන්‍ය ගරුත්වය හා විශ්වාසය, සාධාරණව සැලකීම මත උසස් මට්ටමේ සහයෝගිතා ඔස්සේ ද්විපාර්ශ්වික සබඳතාව අඛණ්ඩව යහපත් ලෙස වර්ධනය කර තිබේ. ඓතිහාසික ප්‍රවණතාවට අනුව හුවමාරු හා අධ්‍යයනය තවදුරටත් පුළුල් කරමින් එක්ව සහයෝගිතා පැවැත්වීම ශක්තිමත් කිරීම හා දෙරට ජනතාවට සුබසෙත සැලසීම දෙපාර්ශ්වය ම සිදු කළ යුතු ය. ඉන් සමානාත්මතාව හා නිසි පිළිවෙළක් සහිත ගෝලීය බහුධ්‍රැවීකරණය, පොදු ප්‍රතිලාභ හා වෙනස්කම් පිළිගැනීම සහිත ආර්ථික ගෝලීයකරණය ඉදිරියට ගෙන යා හැකි බව ෂී ජින්පිං මහතා අවධාරණය කළේය. Friedrich Merz මහතා සමග දේශපාලන විශ්වාසය ද තහවුරු කරමින් හුවමාරු හා සහයෝගිතා පුළුල් කර චීන-ජර්මන් අංගසම්පූර්ණ උපායමාර්ගික හවුල්කාරී සබඳතාවේ නව පරිච්ඡේදය ඇරඹීමට ෂී ජින්පිං මහතා කැමැත්තෙන් සිටී. ඉන් චීන-යුරෝපා සහයෝගිතා නිවැරදි දිශාව වෙත මෙහෙයවමින් ලෝක සාමය, ස්ථාවරත්වය හා සමෘද්ධිය පොදුවේ ප්‍රවර්ධනය කරනු ඇති බව ෂී ජින්පිං මහතා පෙන්වා දුන්නේය.
මේ අතර චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතා ද එදින Friedrich Merz මහතා වෙත සුබපැතුම් පණිවුඩයක් යොමු කර තිබේ. චීනය හා ජර්මනිය අතර විවිධ ක්ෂේත්‍රවල ප්‍රායෝගික සහයෝගිතාවන්හි කැපී පෙනෙන ප්‍රතිඵල ලබා ගෙන ඇති අතර එයට වටිනා අනාගතයක් ද ඇති බව ලී ච්‍යං මහතා පැවසීය. සමානාත්මතාව හා අන්‍යෝන්‍ය ප්‍රතිලාභ, සහයෝගිතා හා පොදු ජයග්‍රහණය, දෙරට පොදුවේ ගත් ඓතිහාසික තීරණයකි. Friedrich Merz මහතා සමග සංවාද හා හුවමාරු පුළුල් කර පොදු සංවර්ධනය ප්‍රවර්ධනය කරමින් දෙරට අංගසම්පූර්ණ උපායමාර්ගික හවුල්කාරී සබඳතාවේ අන්තර්ගතයන් අඛණ්ඩව ශක්තිමත් කිරීමට අපේක්ෂා කරන බව ලී ච්‍යං මහතා ප්‍රකාශ කර ඇත.