චීන ජනාධිපති ෂී ජින්පිං මහතා සහ රුසියානු ජනාධිපති ව්ලැඩිමිර් පුටින් මහතා තේ පිළිසඳරක නිරත වෙති. පුටින් මහතා විසින් ඊයේ (8) චීන ජනාධිපතිවරයාව මහත් හරසරින් පිළිගනු ලැබුවේ මොස්කව් හි ක්‍රෙම්ලිනයේ දී ය.
වෙනස්කම් හා විප්ලව සිදු වන නව යුගයකට ලෝකය පිවිස ඇති බව ෂී ජින්පිං මහතා මෙහිදී ප්‍රකාශ කළේය. එහෙත් උපායමාර්ගික ස්ථාවරත්වය පවත්වා ගනිමින් චීනය හා රුසියාව උපායමාර්ගික සම්බන්ධීකරණය අනුගමනය කිරීම තුළ කිසිදු බලවේගයකට දෙරටේ සංවර්ධනයට හා පුනර්ජීවනයට බාධා කළ නොහැකිය. එමෙන්ම එය චීනය හා රුසියාව අතර පාරම්පරිකව පැවත එන පොදු ජනතා අභිලාෂයන්ට බාධා කළ නොහැකි වන අතර ලෝක බහු ධ්‍රැවීකරණ හා ආර්ථික ගෝලීයකරණ යුගයේ ප්‍රවණතාවය ද නැවැත්විය නොහැකිය. එමෙන්ම ව්ලැඩිමීර් පුටින් මහතා සමඟ එක්ව සමීප හුවමාරු පවත්වා චීන – රුසියානු සබඳතාව සඳහා නිසි මග පෙන්වා ගෝලීය පරිපාලනයේ ප්‍රවර්ධනයට සක්‍රීය දායකත්වයක් ලබා දීමට කැමැත්තෙන් සිටින බව ද ෂී ජින්පිං මහතා එහිදී ප්‍රකාශ කළේය.
ෂී ජින්පිං මහතා සමඟ සමීප උපායමාර්ගික හුවමාරු පවත්වා ගනිමින් දෙරට අතර සබඳතා ප්‍රවර්ධනය සඳහා උපායමාර්ගික උපදෙස් දෙමින් ජගත් ප්‍රජාවේ සංකීර්ණ තත්ත්වයන්ට එක්ව පොදුවේ මුහුණ දෙනු ඇතැයි පුටින් මහතා සඳහන් කළේය. එමෙන්ම උපායමාර්ගික සම්බන්ධීකරණය පරිපූර්ණව තහවුරු කරමින් දෙරටේ පොදු ජයග්‍රහණ සහතික කර ලෝකය, යුක්තිගරුකබවින් ද ප්‍රජාතන්ත්‍රවාදී සහ බහු ධ්‍රැවීකරණ දිශානතියකින් සමන්විත පියවරයන් තුළින් ඉදිරියට ගෙන යාම සඳහා කටයුතු කිරීමට රුසියානු ජනාධිපති ව්ලැඩිමිර් පුටින් මහතා අපේක්ෂා පළ කළේය.
මීට අමතරව යුක්‍රේන අර්බුදය සම්බන්ධයෙන් ද දෙරටේ නායකයෝ මෙහිදී අදහස් හුවමාරු කරගත්හ. එක් එක් රාජ්‍යයන් හි නිසි ආරක්ෂක අවශ්‍යතාවන් වැදගත් කොට සලකා අර්බුද ඇති කිරීමේ මූලාශ්‍රය තුරන් කළ යුතු බව ෂී ජින්පිං මහතා සඳහන් කළේය. සාමයට ඉවහල් වන සියළු උත්සාහයන් පිළිගන්නා චීනය, සංවාදය හරහා සාධාරණ, දිගු කාලීන මෙන්ම අදාළ පාර්ශ්වයන්ට පිළිගත හැකි, බලයකින් යුත් සාම ගිවිසුමකට එළඹීමට හැකි තත්ත්වයක් අපේක්ෂා කරන බවද හෙතෙම ප්‍රකාශ කළේය.
යුක්‍රේන අර්බුදය දේශපාලන ක්‍රමවේදයක් ඔස්සේ විසඳා ගැනීම සම්බන්ධයෙන් චීනය දරන සාධාරණ යුක්ති ස්ථාවරය පිළිබඳව පුටින් මහතා එම පිළිසඳරේදී ඉහළින් ප්‍රශංසා කළේය. පූර්ව කොන්දේසිවලින් තොරව සාම සාකච්ඡා ආරම්භ කිරීමට රුසියාව කැමැත්තෙන් සිටින බවත් සාධාරණ, දිගු කාලීන සාම ගිමිසුමකට එළඹීමට රුසියාව අපේක්ෂා කරන බවත් රුසියානු ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් පවසා ඇත.