ප්‍රබල වේදනා නාශක ඖෂධයක් වන Fentanyl සම්බන්ධයෙන් බදු පැනවීම ඇමරිකා – චීන සහයෝගතාවට හානි සිදු කරන්නක් බව මත විමසුමකට එක්වූ බහුතරයක් පවසති. CGTN නාළිකාව අන්තර්ජාලය ඔස්සේ සිදු කළ එම මත විමසුමේ දී සියයට 91.8 ක පිරිසක් පැවසුවේ ඇමරිකාවේ මෙම පියවර දේශපාලන උපමාරුවක් හා තීරු බදු දාමරිකවාදයක් බවයි.
අන්තරායකර ඖෂධ පාලනය සම්බන්ධයෙන් තම නොහැකියාවන් වසා ගැනීම එහි අරමුණ ය. ඖෂධ වැරදි ලෙස භාවිතය ඇමරිකානු ජනතාවගේ ජීවිතවලට එල්ල වන විශාලතම තර්ජනය බව මත විමසුමට එක්වූ සියයට 91කි පිරිසක් පැවසූහ.
ඇමරිකානු තරුණයන් අතර මෙම තත්ත්වය වර්ධනය වීම සම්බන්ධයෙන් ඇතැම් අන්තර් ජාල පරිශීලකයෝ කණස්සල්ල පළ කළහ. වෛද්‍ය වට්ටෝරු මත නිකුත් කෙරෙන ඖෂධ රෙගුලාසි තර කිරීමට ඇමරිකානු රජය වසර ගණනාවක් පුරා අසමත් වී ඇත.
මෙම මත විමසුම CGTN නාළිකාවේ ඉංග්‍රීසි, ස්පාඥ්ඥ , ප්‍රංශ, අරාබි හා රුසියානු භාෂාවන්ගෙන් පැය 24ක් පුරා සිදු කෙරිණ. 12 දහසකට අධික පිරිසක් ඊට සිය ප්‍රතිචාරය දැක්වූහ.