චීන-ප්‍රංශ 10 වැනි උසස් මට්ටමේ ආර්ථික හා මූල්‍ය සංවාදය පැවැත්වේ

චීනය හා ප්‍රංශය අතර 10 වැනි උසස් මට්ටමේ ආර්ථික හා මූල්‍ය සංවාදය පැවැත්වේ. චීන පාර්ශ්වයේ ප්‍රධානී, උප අගමැති He Lifeng හා ප්‍රංශ පාර්ශ්වයේ ප්‍රධානී, ආර්ථික, මූල්‍ය, කර්මාන්ත හා ඩිජිටල් කටයුතු පිළිබඳ අමාත්‍ය Eric Lombard යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ(15) එම සංවාදය පැවැත්විණ.

ප්‍රංශය සමග ද්විපාර්ශ්වික ආර්ථික හා මූල්‍ය සහයෝගිතාවන්හි අන්තර්ගතයන් විධිමත් කරමින් යහපත් වෙළඳ හා ආයෝජන පරිසරයක් නිර්මාණය කිරීමෙන් දෙරට අංගසම්පූර්ණ උපායමාර්ගික හවුල්කාරීත්වයට නව ජීවයක් එක්කිරීමට  චීනය කැමැත්තෙන් සිටින බව He Lifeng මහතා එහිදී පැවසීය.

චීන පරිභෝගිකයන්ට තවදුරටත් අධික ගුණාත්මකභාවයෙන් යුතු නිෂ්පාදන සපයමින් වඩාත් යහපත් ව්‍යාපාරික පරිසරය සැපයීමෙන් චීන සමාගම් ප්‍රංශයේ ආයෝජනය සඳහා ආකර්ෂණය කර ගැනීමට ප්‍රංශය ක්‍රියා කරනු ඇතැයි Eric Lombard මහතා එහිදී ප්‍රකාශ කළේය.

මේ අතර එහිදී දෙපාර්ශ්වයට පොදුවේ වැදගත් වන කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා සිදු කළ අතර සත්ත්ව මාංශ, අභිජනන නිෂ්පාදන හා බිත්තර ආදී නිෂ්පාදනවලට අදාළ ද්විපාර්ශ්වික සහයෝගිතා ගිවිසුමකට ද එහිදී අත්සන් තැබිණ. සංවාදයෙන් අනතුරුව, He Lifeng මහතා හා Eric Lombard මහතා ඒකාබද්ධව චීන-ප්‍රංශ ව්‍යවසායකයින්ගේ වැඩමුළුවට එක් වී තිබේ.