ජපාන අගමැති Ishiba Shigeru පසුගිය නොවැම්බර් මාසයේ පේරු හිදී චීන ජනාධිපති ෂී ජින්පිං මහතා හමුවිය. එහිදී ඔහු පැවසුවේ, ජපානය “ඉතිහාසයට මුහුණ දීම සහ අනාගතය දෙස බැලීමේ” ආත්මයට අනුගත වන අතර, සාමකාමී සංවර්ධනයේ මාවත ගැනීම අවධාරණය කරන බවයි. එසේම Ishiba Shigeru මහතා මෑතකදී පැවසුවේ, ජපානය වේදනාකාරී මතකයන් සහ ඓතිහාසික පාඩම් මතක තබා ගත යුතු අතර, යුද්ධයේ දී සිදු කළ වැරදි නැවත කිසිදිනෙක නොකළ යුතු බවයි.
මේ පිළිබඳ චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක Lin Jian මහතා සඳහන් කළේ ජපානය ඔවුන්ගේ ඓතිහාසික අපරාධ ගැඹුරින් මෙනෙහි කර, ඉතිහාසයෙන් බැරෑරුම් ලෙස පාඩම් ඉගෙන ගනු ඇතැයි බලාපොරොත්තු වන බවයි. ජපානය ඉතිහාසය, ජනතාව සහ අනාගතය කෙරෙහි වගකිවයුතු ආකල්පයක් දැරීමෙන්, එහි ආක්‍රමණශීලී ඉතිහාසය උත්කර්ෂයට නැංවීමේ සහ වසන් කිරීමේ සියලු ක්‍රියාවන් සම්පූර්ණයෙන්ම අතහැර දමනු ඇතැයි යන්න අපේක්ෂාවයි.එසේම ජපානය සාමකාමී සංවර්ධන මාවතට අනුගත වී, ප්‍රායෝගික ක්‍රියාමාර්ග තුළින් ආසියානු අසල්වැසියන්ගේ සහ ජාත්‍යන්තර ප්‍රජාවේ විශ්වාසය දිනා ගනු ඇතැයි බලාපොරොත්තු වන බව ද , Lin Jian මහතා සඳහන් කළේ ය.