චීනය සහ අප්‍රිකාව අතර වෙළඳ පරිමාණයේ අඛණ්ඩ වර්ධනයක්

අප්‍රිකාව සමඟ චීනයේ සමස්ත ආනයන හා අපනයන වටිනාකම 2024 වසරේ දී යුවාන් ට්‍රිලියන 2.1 දක්වා වූ ඉහළ අගයක් වාර්තා කර ගොස් තිබේ.

එය 2000 වසරේ දී චීන-අප්‍රිකා සහයෝගිතා සංසදය පිහිට වූ මුල් කාලයේ පැවති යුවාන් බිලියන 100 ට අඩු අගයේ සිට වැඩි වීමකි.

සිව්වැනි චීන-අප්‍රිකා ආර්ථික හා වෙළඳ ප්‍රදර්ශනය, චීනයේ Hunan පළාතේ පැවැත්වීම නිමිත්තෙන් චීන රේගු මහා පරිපාලනය අද (11) අදාළ දත්ත නිකුත් කරමින් මේ බව පැවසීය.

ගෙවී ගිය වසර 25 තුළ චීනය අප්‍රිකාව සමඟ සිදු කළ සමස්ත ආනයන හා අපනයන වටිනාකම 20 ගුණයකට වඩා වැඩි වී ඇති අතර, සාමාන්‍ය වාර්ෂික වර්ධන වේගය ද 14.2% ක් බව එහි වාර්තා විය. චීන-අප්‍රිකා ආර්ථික හා වෙළඳ සහයෝගීතාවයේ ප්‍රබල ජවයක් ඉන් මුළුමනින්ම පෙන්නුම් කර ඇත.