චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ටර්ක්මෙනිස්ථාන ජනාධිපති Serdar Berdimuhamedow මහතා හමුවෙයි. මෙම හමුව අද (17) පෙරවරුවේ අස්ටානා හි පැවති දෙවන චීන-මධ්‍යම ආසියානු සමුළුව අතරතුර සිදුවිය.
චීනය හා ටර්ක්මෙනිස්ථානය අතර සවිමත් දේශපාලනීය විශ්වාසය හා දැඩි සහයෝගිතා අභිලාෂයන් පවතින බව ෂී ජින්පිං මහතා එහිදී පෙන්වා දෙයි. ටර්ක්මෙනිස්ථානය සමග එක්ව, අන්‍යෝන්‍ය ගරුත්වය හා පොදු-ජයග්‍රාහී බව මත පදනම්ව සහයෝගිතා තවදුරටත් පුළුල් කිරීමට චීනය සූදානම් ය. ‘එක් තීරයක් එක් මාවතක්’වැඩපිළිවෙළ පොදුවේ ගොඩනැංවීම සහ ටර්ක්මෙනිස්ථානයේ ‘සේද මාවත පුනර්ජීවනය’සඳහා උපායමාර්ගික ක්‍රමවේදයන් මැනවින් සම්බන්ධ කර ගත යුතු අතර, ස්වභාවික ගෑස් අපනයන සහයෝගිතා වපසරිය පුළුල් කළ යුතුව ඇත. නීති බලාත්මක කිරීමේ ආරක්ෂාව හා යුදමය ආරක්ෂාව පිළිබඳ සහයෝගිතාවය සහතික කරමින් සයිබර් ආරක්ෂාව පිළිබඳ සහයෝගිතා ඉහළ මට්ටමකට රැගෙන යා යුතු බව ද ෂී ජින්පිං මහතා පෙන්වා දෙයි.
එසේ ම, අසල්වැසි රටවල් සමග සුහද ආකල්පයක රැඳී සිටිමින් ‘එක් තීරයක් එක් මාවතක්’වැඩපිළිවෙළ ඔස්සේ ටර්ක්මෙනිස්ථානය ඇතුළු අසල්වැසි රටවල් සමග සුන්දර අනාගතයක් නිර්මාණය කිරීම චීනයේ අපේක්ෂාව බව ද ෂී ජින්පිං මහතා එහිදී අවධාරණය කර ඇත.
ටර්ක්මෙනිස්ථාන-චීන සබඳතා සඳහා වන සම්පූර්ණ සංවර්ධනය ඉහළ උපායමාර්ගික වැදගත්කමකින් යුක්ත වන බව Serdar Berdimuhamedow ජනාධිපතිවරයා මෙම හමුවේදී පැවසීය. චීනය වෙත සිදු කරන ස්වභාවික ගෑස් අපනයන, යන්ත්‍රෝපකරණ නිෂ්පාදන, රෙදිපිළි ඇතුළු ක්ෂේත්රයන් හි සහයෝගිතා පුළුල් කිරීමට ටර්ක්මෙනිස්ථානය සූදානම් ය. චීනය සමග එක්ව, එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු බහුපාර්ශ්වික යාන්ත්‍රණය තුළ සම්බන්ධීකරණ හා සහයෝගිතා පුළුල් කිරීමට තම රට කැමැත්තෙන් පසු වන බව ද ටර්ක්මෙනිස්ථාන ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේය.
අනතුරුව, දෙරට රාජ්‍යයන් අතර ආර්ථික හා තාක්ෂණ සහයෝගිතා ගිවිසුම්වලට අත්සන් තබන බවට නායක දෙපළ ඉදිරියේ ප්‍රකාශයට පත් කෙරිණ.