චීන-ඉතාලි රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමේ 55 වැනි සංවත්සරය සැමරේ

චීන-ඉතාලි රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමේ 55 වැනි සංවත්සරය සැමරීම සඳහා මානව හා සංස්කෘතික හුවමාරු වැඩසටහනක් සහ විශේෂ කලා ප්‍රදර්ශනයක් එළි දැක්වේ. එය අද (19) බෙයිජිං නගරයේදී ආරම්භ විය.

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ප්‍රචාරක දෙපාර්තමේන්තුවේ උප ප්‍රධානී, චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ජනරාල් Shen Haixiong මහතා සහ චීනයේ ඉතාලි තානාපති Massimo Ambrosetti මහතා ඇතුළු නියෝජිතවරු එම විශේෂ ප්‍රදර්ශනයේ ආරම්භක අවස්ථාවට එක් විය.

එම වැඩසටහන ආරම්භ වීම වෙනුවෙන් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සභාපති තෝමස් බැච් සහ 2026 මිලාන් ශීත ඍතු ඔලිම්පික් සංවිධායක කමිටු සභාපති ජියෝවානි මලාගෝ යන මහත්වරු සුබ පැතුම් පණිවුඩ ද යොමු ක‍ළහ.

එම වි‍ශේෂ කලාත්මක ප්‍රදර්ශනය 2025 ජුනි මස අගදී ඉතාලියේ ලින්සියා ජාතික ඇකඩමියේ දී පැවැත්වේ. ඉන් බෙයිජිං සිට රෝමය දක්වා කලාත්මක සංවාද ගමනක් ආරම්භ කෙරේ.